(ශාන්ත කුමාර විතාන සහ ආරියරත්න රණබාහු)
ප්‍රවීණ නවකතාකරුවකු, ගීත රචකයකු ,ධනාත්මක කෘති පරිවර්තකයකු වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ප්‍රදිප් කුමාර බාලසූරිය මහතා හදිසියේ අභාවප්‍රත්ත වූයේය.
අසූව දශකයේදී බිහි වූ කුමරි පුවත්පතෙන් මාධ්‍ය කලාවට පිවිසි ප්‍රදීප අරලිය සඳරේනු, පුවත්පත්වල කතුවරයාලෙ ද කටයුතු කළේය.
සමනලුන් යන මාවතේ, පුංචි සේවාපාලිකා ඇතුළු නවකතා පොත් රාශියක ද ධනාත්මක චින්තන පොත් රාශියක් ද ලියූ ඔහු දිවයිනේ බොහෝ පුවත්පත්වලට කොටස් වශයෙන් පළවන නවකතා රාශියක් ද ලීවේය.
ජනප්‍රිය නවකතා ධනාත්මක චින්තන කෘති සහ පරිවර්තන රැසක් හෙතෙම ලියා පළකර ඇත
ඔහු ලියු පොත් අතර ඔබෙි සිතුවිලි නිවැරදි කරගන්න , අපි අවතැන් වූවෙමු, අසාමාන්‍ය සිතක හැඩ රුව, ආදරයේ භාෂා , ඉසුරින් පිරි ජිවිතයක්, ඔබ මගේ මුර පදේ, ඔබේ යහන සකසන්න, ගැහුණුන්ට වඩා පිරිමි වෙනස් , ඔබටත දිනිය හැකිය සහ ඔබ වෙනුවෙන් තැවෙන්නේ කවුද යන ආදී කෘති රැසකි.
ගීත රචකයකු ලෙස ද කුසලතා පළ කළ ඔහු ලියූ ගී විජය කුමාරතුංග, ස්වර්ණලතා කවීශ්වර, හේම ශ්‍රී අමරසිංහ ඇතුළු ගායක ගායිකාවෝ රැසකගේ හඬින් ගීතවත් වූහ.
මිය යන විට 63 වියෙහි පසු වූ ඒ මහතාගේ දේහය ගම්පහ පහළගම පැරකුම් පෙදෙසේ නිවෙසෙහි දේහය තැන්පත් කර ඇත. අවසන් කටයුතු ඉරිදා සවස 4ට ගම්පහ කසගහවත්ත ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.
ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.
බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික
ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.
හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
මාධ්‍යවේදී ප්‍රදීප් දිවි සැරිය නිමා කරයි