වේයන්ගොඩ නුංගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ලෙස සේවය කළ පොලිස් පරීක්ෂක බෝගොඩ ආරචිචිගේ දිවාන් අසංක සමරසිංහ මහතා ඊයේ (5) අලුයම අභාවප්‍රාප්ත විය.
මිය යන විට 43 හැවිරිදි වියේ පසු වූ සමරසිංහ මහතා දෙදරු පියෙකි .
ඔහු නො 549, හුණුපොල, අත්තනගල්ල ලිපිනයේ පදිංචිකරුවෙකි.
2005 වසරේ දී පොලිස් සේවයට එක්ව ඇති සමරසිංහ මහතා දිවයින පුරා අලුතින් පොලිස් ස්ථාන පිහිටවීමේ වැඩපිළිවෙළ යටතේ නුංගමුව පොලිස් ස්ථානය ආරම්භ කළ 2022 ජනවාරි මස 14 දින සිට එම ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.
සමරසිංහ මහතාගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (5) කොළඹ ජාතික රෝහලේ දී පැවැත්වීමට නියමිතය.
ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.
මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.
ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර
ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.
නුංගමුව ඕඅයිසී අසංක සමරසිංහ සමුගනී