IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ජාඇල හිටපු නගරාධිපති සමුගනී

ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 81 හැවිරිදි වූ ඒ මහතා කදාන මැසනඩ් විද්‍යලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

ජා-ඇල වික්ෂෝප මාතා දේවස්ථානයේ දායක සභාවේ ක්‍රියාකාරී සමාජිකයකු වු රණවීර ප්‍රනාන්දු මහතා වර්ෂ 1967 දී ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිශ්ඨ වී තිබේ.

නාගරික මන්ත්‍රීවරයෙකු, නගර සභාවේ විපක්ෂ නායකයකුවරයකු ලෙස කටයුතු කර ඇති රණවීර ප්‍රනාන්දු මහතා ජා-ඇල නගර සභාවට ස්වාධීන කණ්ඩායමක් ඉදිරිපත් කර එම කණ්ඩායම ජයග්‍රහණ කිරීමෙන් පසුව ජා-ඇල නගරාධිපතිවරයා ලෙස ප්‍රථම වරට පත් විය.

ජා-ඇල නගරයට අනූපමේය සේවයක් කර ඇති රණවීර ප්‍රනාන්දු මහතා පසුව ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ න් ජා-ඇල නගර සභාවට තරඟ කර දෙවන වරටද නගරාධිපතිවරයා ලෙස තේරී පත්විය.

ජා-ඇල කපාල කන්ද පාර රණවීර ප්‍රනාන්දු මහතාගේ නිවසේ තැන්පත් කර ඇති ඒ මහතාගේ දේහය අද (30)  කනුවන රෝමානු කතෝලික සුසාන භූමියේදී මිහිදන් කිරීමට නියමිතය.

(ජා-ඇල ප්‍රසංග පෙරේරා)

 



අදහස් - (0)

ජාඇල හිටපු නගරාධිපති සමුගනී

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 12 120 0

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.


හිටපු කොළඹ රදගුරු කෙනත් ප්‍රනාන්දු පියතුමෝ ස්වගර්ස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 04 1854 0

කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.


ජාඇල හිටපු නගරාධිපති සමුගනී
2025 ජුලි මස 29 413 0

ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.


වරකාවැහැර ධම්මපාල නා හිමියෝ අපවත් වෙති
2025 ජුලි මස 06 162 0

බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික


මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි
2025 ජුලි මස 02 1394 1

ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.


ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
2025 ජුනි මස 30 4257 17

හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.


Our Group Site