IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


ගාමිණි මාරපන දිවි ගමනට සමු දෙයි

(ආරියරත්න රණබාහු)

ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වූ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා  අභාවප්‍රාප්ත විය.

දිගු කලක් රෝගාතුර ව සිටි ඒ මහතා මිය යන විට 82 වියේ පසුවිය සිය දීර්ඝ කීර්තිමත් නීතිඥ ජීවිතය තුළ ඔහු මෙරට ආන්දෝලනාත්මක නඩු කිහිපයකටම පෙනී සිට ඇති අතරශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙසද ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උප සභාපති ලෙසද කොළඹ වරාය ආර්ථික කොමිසමේ සභාපති ලෙසද ලංකා බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී( නීති) ධුරයේද කටයුතු කළ අයෙකි.

ගල්කිස්ස ශාන්තතෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යයකු වූ මාරපන මහතා විද්‍යාලයේ ක්‍රිකට් සහ ا හොකී කණ්ඩායම් වලකැපී පෙනෙන ක්‍රීඩකයෙක් බව පැවසේ.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙක් වන ඒ මහතා නීතිඥ පවුලකින් පැවත එන සාමාජිකයෙකි ඔහුගේ පියා රත්නපුර හිටපු දිසා විනිසුරුවරයෙකු වූ අතර හිටපු අමාත්‍යජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ඔහුගේ දෙටු සොහොයුරාවේ.

ඔහුගේ වියෝවෙන් ශෝක වන්නන් අතර බිරිඳ සුරංගනී මාරපනගේ මහත්මිය පුතුණුවන් වන ජනාධිපති නීතිඥ නවීන් මාරපනගේ මහතා සහලේලිය වන නීතිඥ ලක්ෂරා මාරපනගේ මහත්මියද වේ.

ඒ මහතාගේ අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී අද සවස 6.00ටසිදු කෙරිණි.

 



අදහස් - (1)

ගාමිණි මාරපන දිවි ගමනට සමු දෙයි

Amararatne Opatha Tuesday, 28 May 2024 07:05 PM

රාජකාරි අවශ්‍යතා සඳහා එතුමා හමුවීමට අවස්ථා කීපයක්ම මා ගියෙමි... ඔහුගේ මානව හිතවාදී ගුණයට ගරුකරමි. නිවන්සුව අත්වේවා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 12 88 0

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ, බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.


හිටපු කොළඹ රදගුරු කෙනත් ප්‍රනාන්දු පියතුමෝ ස්වගර්ස්ථ වෙති
2025 සැප්තැම්බර් මස 04 1846 0

කෙනත් ප්‍රනාන්දු හිටපු කොළඹ රදගුරුතුමෝ ස්වගර්ස්ථ වූහ.


ජාඇල හිටපු නගරාධිපති සමුගනී
2025 ජුලි මස 29 411 0

ජා-ඇල නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වු එල්.ජෝශප් එඩ්මන්ඩ් රණවීර ප්‍රනාන්දු මහතා පෙරේදා (28) අභාවප්‍රාප්ත විය.


වරකාවැහැර ධම්මපාල නා හිමියෝ අපවත් වෙති
2025 ජුලි මස 06 162 0

බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුරය භික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නික


මහින්ද නිශ්ශංක දිවිසැරිය නිමවයි
2025 ජුලි මස 02 1394 1

ලංකාදීප මාධ්‍යවේදී මහින්දරත්න නිශ්ශංක මහතා හදිසියේ අද පෙරවරුවේ අභාවප‍්‍රප්ත විය.


ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
2025 ජුනි මස 30 4257 17

හිටපු අමාත්‍යවරයෙක් සහ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ගාමිණී ලොකුගේ මහතා අද (30) රාත්‍රී අභාවප්‍රාප්ත විය.


Our Group Site