IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආචාර්ය සූරිය ගුණසේකර අභාවප්‍රාප්ත වේ

ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වූ ආචාර්ය සූරිය ගුණසේකර මහතා අද පෙරවරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත විය.

මියයනවිට 81වන වියේ පසු වූ ඒ මහතා එක්දරු පියෙකි.

හෙතෙම ගවේෂණාත්මක ඉතිහාසඟුයකු මෙන්ම ප්‍රකට ලේඛයකු හා දේශකයකු ද වේ. ඉතාමත් දැඩි දේශාභිමානීයකු වූ ආචාර්ය ගුණසේකරයන් ලියු ග්‍රන්ථ අතර සූක්ෂමව වනසන සිංහල ,ඓතිහාසික රාවණා , කොටි දඩයම, මහා ඓතිහාසික අසාධාරණ ය ලංකා ඉතිහාසයේ හෙළ යුගය, යනාදිය වේ.

ආචාර්ය ගුණසේකර යන් ජාතික පුවත්පත් රැසකට විශේෂාංග ලිපි සපයා ඇති අතර ලන්ඩන් ගිය බණ්ඩා විශේෂාංග ලිපිය ඒඅතර ඉතා ජනප්‍රිය ලිපියක් සේ සැළකේ.

ඒ මහතා සංස්කෘතික අමාත්‍යාංශයේ හිටපු ලේකම් වරයකු මෙන්ම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලේකම් ධුරයේද කටයුතු කළ අයෙකි.

දේහය පිටකෝටිටේ කෝට්ටේ පාරේ රුවන් පෙදෙසේ අංක454/2 නිවසේ තැන්පත් කර ඇත අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ

ආරියරත්න රණබාහු

 



අදහස් - (5)

ආචාර්ය සූරිය ගුණසේකර අභාවප්‍රාප්ත වේ

SOMASIRI Thursday, 09 November 2023 08:56 AM

ඔබ තුමාට අමාමහ නිවන් සුව ලැබේවා..!

:       0       9

praneeth sanjaya Thursday, 09 November 2023 10:20 AM

ඔබ තුමාට අමා මහ නිවන් සුව ලැබේවා..

:       0       8

Daya Ratnayake Thursday, 09 November 2023 02:05 PM

රටට හිතැති රටේ සත්‍ය ඉතිහාස ගවේශනයෙන් සත්‍ය හෙළිදරව් කිරීමට කැපව කටයුතු කළ එතුමාගේ අභාවය රටට පාඩුවකි ජනතාවට දුකකි. එතුමාට නිවන් සුව පතමු

:       0       5

මැක්ස් Thursday, 09 November 2023 02:21 PM

තවත් විශිෂ්ටයකුගේ සමුගැන්ම. අමා මහ නිවන් සුව ලැබේවා!

:       0       6

Ujith C Galhena Sunday, 24 December 2023 05:56 PM

අමා මහ නිවන් සුව ලැබේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

පුන්‍යා කත්‍රිආරච්චි හඬ නිහඬ වෙයි
2025 දෙසැම්බර් මස 01 1458 1

ප්‍රවීණ ගායනවේදීනියක හා ගුවන් විදුලියේ ජ්‍යෙෂ්ඨ නිවේදිකාවක වූ පුන්‍යා කත්‍රිආරච්චි මහත්මිය අද (1) හදිසියේ අභාවප්‍රාප්ත වුවාය.


චිත්‍රා බාලසූරිය දිවි රඟමඩලින් සමුගනී
2025 දෙසැම්බර් මස 01 1831 0

මෙරට විශිෂ්ටතම චිත්‍රපට දහය අතර සැළකෙන ‘පරසතු මල්’ හා ‘තුංමංහන්දිය’ චිත්‍රපට නිෂ්පාදනය කළ චිත්‍රා බාලසූරිය මහතා අභාවප්‍රාප්ත විය.


ගෝමරන්කඩවල ප්‍රා.සභාපති අභාවප්‍රාප්ත වෙයි
2025 නොවැම්බර් මස 21 2525 1

ගෝමරංකඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) මහතා හදිසි අසනීප තත්ත්වයකින් ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍ර


චිත්‍රා කුමාරි දිවි සැරිය නිම කරයි
2025 නොවැම්බර් මස 18 2046 2

ප්‍රවීණ නිවේදිකා චිත්‍රා කුමාරී කළුබෝවිල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය


දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර කළුරිය කරයි
2025 නොවැම්බර් මස 16 2023 8

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා අද (15) අලුයම කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත විය


හෙළයේ භූමි පුත්‍රයා දැයෙන් සමු ගනියි
2025 නොවැම්බර් මස 14 5503 5

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂයේ නිර්මාතෘ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අභාවප්‍රාප්ත විය.


Our Group Site