IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ලෝකයේ කාදිනල්ලා අතර අපේ අගරදගුරු ජනප්‍රියයි

  • පාප් වහන්සේ ලෙස පත්වීමට සුදුසුකම්  සැපිරිය හැකි අවුරුදු 80 ට අඩු කාදිනල්වරු 135 දෙනෙකු ඉන්නවා
  • අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේත් මේ පිරිසට ඇතුළත්

මුළුමහත් ලෝකයට ආශීර්වාදය ලබා දුන් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ වේලාවෙන් ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 88 වැනි වියෙහි පසු වූහ. එම ස්වර්ගස්ථ වීමත් සමඟ සියවස් ගණනාවක් පැරණි චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් ශෝක කාලයක් මේ වන විට ආරම්භ කර තිබේ. 

අද වන විට ලෝකය පුරාම කාදිනල් හිමිපාණන්ලා 252ක් සිටින අතර මේ සියලු කාදිනල් හිමිපාණන්ලා මෙම අවමඟුල් පිළිවෙතට සහභාගි වෙති. උන්වහන්සේගේ අවසන් කටයුතුවලින් පසුව ඊළඟට එළඹෙන්නේ නව පාප් වහන්සේ තෝරාගැනීමේ සුවිශේෂී කටයුත්තය.

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කටයුතු මෙන්ම ඊළඟ පාප් වහන්සේ වන්නේ කවුද යන්න කිතුනු බැතිමතුන් මෙන්ම මුළු ලෝකයේම ජනතාවගේ අවධානය යොමුව තිබෙන මොහොතක ශ්‍රී ලංකාව පිළිබඳව ද ජනතා අවධානය යොමුව ඇත. මුළු ලෝකයම බලාපොරොත්තුවන මීළඟ පාප් වහන්සේ තෝරා ගැනීමේ දී ලංකාවේ නමත් ඉහළින්ම තිබෙනවා ද ?

මේ පිළිබඳව ජාතික කතෝලික ජනසන්නිවේදන හා අගරදරගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂක ගරු ජූඩ් ක්‍රිශාන්ත ප්‍රනාන්දු පියතුමාගෙන් අපි විමසීමක් කළෙමු. 

‌“අති උත්තම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ එතුමන්ගේ ජීවිතයෙන් මුළු ලෝකයටම අභියෝගයක් එල්ල කරපු කෙනෙක් වුණා. ලෝක සාමය වගේම ළමා අයිතීන්, කාන්තා අයිතින් වෙනුවෙන් දැඩිව හඬ නැඟූ අයෙකු ලෙස උන්වහන්සේ ප්‍රකට වුණා. ඒ වගේම සමරිසි ප්‍රජාව සම්බන්ධයෙන් උන්වහන්සේ දරුවේ මෙතෙක් කතෝලික පල්ලිය දැරුවාට වඩා ලිහිල් මතයක්. විශේෂයෙන් උන් වහන්සේගේ සරල දිවි පෙවත අනුව දුගී ජනතාවට ආදරය කළ කෙනෙකු ලෙස තමයි ලෝකය පුරා ප්‍රචලිත වෙලා සිටියේ. උන් වහන්සේ පාප් ධුරයට පත් වූවාට පසුව උන් වහන්සේ තෝර ගත්ත නම තමයි ෆ්‍රැන්සිස් කියන නාමය. පාප් ඉතිහාසයේම කිසිම කෙනෙක් ෆ්‍රැන්සිස් කියන නමය භාවිත කරලා තිබුණේ නැහැ. උන් වහන්සේ මේ යොදා ගත්තේ අසීසයේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිතුමාන්ගේ නාමය.  අසීසයේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිතුමා කියන්නේ තමන් සතු සියලු වස්තුව ධනය අත්හැර  පියතුමෙක් වෙන්නට ගිය ශුද්ධවන්තයෙක්. ෆ්‍රැන්සිස් මුනිතුමා හැඳින්වූයේ දුප්පතුන්ට අසීමිත ලෙස ආදරය කරන දුප්පතුන් හදවතින් වැලඳ ගත් සාන්තුවරයෙක් විදිහට. ශුද්ධෝත්තම පාප්  වහන්සේට ලැබුණ සුඛෝපභෝගි වාහන පවා විකුණලා ඒ මුදල්වලින් දුගී ජනතාවට විශේෂිත දේවල් කරන්න එතුමා පෙලඹුණා. 

  • පාප් වහන්සේගේ අවමංග්‍ය කටයුතුවල රහස් චාරිත්‍ර   

අතිඋත්තම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමත් සමඟ විශේෂයෙන් ඊළඟ පාප් ධුරය සඳහා වතිකානුව සූදානම් වෙනවා. ඊට කලින් සාමාන්‍යයෙන් පාප් වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වුණාම දින 4 සිට දින 6 ක කාලය දක්වා කාලයක ශෝක කාලයක් ප්‍රකාශ කරනු ලබනවා. ඒ ශෝක කාලයෙන් අනතුරුව තමයි පාප් වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන්නේ.  සාමාන්‍යයෙන්  ශුද්ධෝත්තම පාප් වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වූ විට නීත්‍යනුකූලව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන්නේ සහ පාප් වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වූ විට එහි සියලු වැඩ කටයුතු සිදු කිරීමේ බලය ඇත්තේ කාදිනල් කමලෙන්ගෝ නාමය තිබෙන හිමිපාණන්ටයි. කාදිනල් කමලෙන්ගෝ යනු පාප් වහන්සේ අධිපත්‍යදරන වතිකානුවේ උසස් තනතුරක්. පාප් ධුරය හිස් වූ විට ඊළඟ පාප්වරයා පත්වන තෙක් වතිකානුවේ මුදල් සහ දේපළ භාරව තිබෙන්නේ ඔහු යටතේ. 

තවත් චාරිත්‍රයක් වන්නේ පාප් වහන්සේ කෙනෙක් පැලඳ සිටි මුදුව මිටියකින් තළා විනාශ කිරීමයි. එයට හේතුව පාප් වහන්සේ කෙනෙකු විශේෂ ලියවිල්ලකට අත්සන් කර එය සීල් කරනු ලබන්නේ තමන් පැලඳ සිටින එම මුදුවේ සලකුණින්. ස්වර්ගස්ථ වුණාට පසුව එම සලකුණ භාවිත නොකරනවා යැයි සනාථ කිරීමට එම මුදුව විනාශ කර දැමීම සිදු කරනවා. සාමාන්‍යයෙන් පාප් වහන්සේ කෙනෙක් ස්වර්ගස්ථ වුවාට පසුව ලංකාවේ කතෝලික දේවස්ථානවල පාප් කොඩිය අඩකුඹු කර තබනවා. ඒ වගේම අපේ දේවස්ථානවල මළ සීනුව නාද කිරීම සම්ප්‍රානුකූලව සිදු කෙරෙනවා. 

  • ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අයුරින් ලංකාවේ  අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ මීළඟ පාප් වහන්සේ පදවියට හිමිකම් කියන කාදිනල්වරු අතර සිටිනවාද? 

ලෝක ජනමාධ්‍ය,  සාමාජ මාධ්‍යවල  පළ වෙනවා පාප් වහන්සේ තෝරාපත් කර ගැනීම සඳහා සුදුස්සන්  12 ක් නම් කර තිබෙනවා. ඒ අතරට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණනුත් අයිතියි කියලා. කිසිම තැනක එහෙම සංඛ්‍යාවක් ගණනය වෙලා නැහැ. ඒක මාධ්‍ය විසින් වාර්තා කරන සම්පූර්ණ අසත්‍යක්. මේ මතය ගොඩ නගන්නේ ජාත්‍යන්තර මාධ්‍ය. මේ වෙනකොට ලෝකයේ  කාදිනල්වරු 252 ක් ඉන්නවා. මේ කාදිනල්වරු 252 න් අවුරුදු 80 ට අඩු අයට පාප් වහන්සේ වීම සඳහා සුදුසුකම් ලැබෙනවා. මේ වෙනකොට අවුරුදු 80 ට අඩු කාදිනල්වරු 135 ක් ඉන්නවා. මේ 135 දෙනාම පාප් වහන්සේ ලෙස පත්වීමට සුදුසුකම් සපුරනවා සේම ඒ අයට ඡන්දයක් හිමි වෙනවා. 

මේ 135 දෙනා වතිකානුවට පැමිණීමෙන් අනතුරව නව පාප්වරයකු තෝරාගැනීම සඳහා වන රහසිගත හමුවක දී (Conclave) ඡන්ද විමසීමක් පවත්වනු ලබනවා. මෙය සිදුවන්නේ වතිකානුවේ සිස්ටයින් චැපල් යන දෙව් මැදුරේ. මේ කාලය පුරාම සිස්ටයින් චැපල් යන දෙව් මැදුරේ දොරගුළු දාලා තිබෙන්නේ. පිටස්තර කිසිම පුද්ගලයකුට මේ ස්ථානයට ඇතුළු වෙන්න බැහැ. ඒ වගේම මේ තුළ සිටින කාදිනල් හිමිවරුන්ට පිටස්තර කිසිම කෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වන්න බැහැ. මේ දෙව් මැදුරෙන් පිටතට පැමිණීමේ හැකියාව පවතින්නෙත් නැහැ.

මේ ඡන්දය භාවිත කරන්නේ ජනතාව නෙමෙයි. කෙසේ නමුත් ඡන්ද ක්‍රමය අනුව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත්කරගත් පසුව එම ඡන්ද පත්‍රිකා විශේෂ ද්‍රාවණයක් යොදා පුලුස්සා දමනවා. එම පත්‍රිකා පිලිස්සීමෙන් පිටවන දුම  සුදු පාට දුමක් ලෙස දුම් කවුළුවෙන් පිටවීමෙන් දැක්වෙන්නේ අපට දැන් පාප් වහන්සේ  සිටින බවයි. දෙවියන් වහන්සේගේම ආනුභාවයෙන් ම තමයි පාප් වහන්සේ පත් වීම සිදු වන්නේ. කාදිනල්වරු පෞද්ගලිකවත් සාමූහිකවත් ඉතාව දැඩිව දෙවියන් වහන්සේට යාච්ඤ කරලා ඉන් පසු තමයි ජන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන්නේ. ඒ ජන්දය පාවිච්චි කරන්න එන විට අපි විශ්වාස කරනවා පාප් වහන්සේ තෝරා ගැනීමට දෙවියන් වහන්සේ විසින් විඥානය හා දේව වරප්‍රසාදය ලබා දී ඇති බව. කාදිනල් හිමිවරුන්ගේ මතය වගේම ඊටත් වැඩියෙන් දෙවියන් වහන්සේගේ මතය අභිප්‍රාය තමයි පාප් වහන්සේ කෙනෙක් පත්වීමට බලපානු ලබන්නේ. 

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේට පාප් ධුරයට සුදුසුකම් තිබෙනවා ද? 

ලෝකයේ ජනප්‍රියත්වය හිමි කාදිනල් හිමිවරු 12 දෙනා අතර අපේ අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අයත් වෙනවා. එතුමන් අපේ කතෝලික සභාවේ උත්තරීතර පාරම්පරික නියමයන් රක්ෂා කරන කාදිනල් කෙනෙකු වශයෙන් ඉතිහාසයේ ඉඳලා එන සම්ප්‍රදායන්වලට ගරු කරන, සම්ප්‍රදායන් රකින ලෝකයේත් කතෝලික සභාව තුළත් ජනප්‍රිය කෙනෙක් . ඒ වගේම ලංකාව තුළ එල්ටීටීඊ යුද සමයේ සාමය වෙනුවෙන්, පාස්කු ප්‍රහාරයේ දී ඒ වින්දිතයන් වෙනුවෙන් කටයුතු කළ ආකාරය සහ කොරෝනා සමයේ දී ජනතාව වෙනුවෙන් කටයුතු ආකාරය, ඒ වගේම රට තුළ ඇතිවෙන්නට ගිය මහා භීෂණයක් නවතාලීමට එතුමන් හඩ නැගුවා. ලෝක කතෝලික සභාව වෙනුවෙනුත් හඩක් නැඟූ කෙනෙක් එතුමන්. මේ කරුණු ගත්තාම ලෝකයේ කාදිනල්ලා අතර උන් වහන්සේ ජනප්‍රිය කාදිනල්වරයෙක්. 

මෙන්න මේ ජනප්‍රියත්වය නිසා තමයි ජාත්‍යන්තර මාධ්‍ය හුවා දක්වන්නේ පාප් වහන්සේ වෙන්නට සිටින කාදිනල්වරු අතර අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා සිටිනවා කියලා. නමුත් පාප් වහන්සේ තෝරා ගැනීමේ සම්ප්‍රදායට ජනප්‍රියත්වය අදාළ වන්නේ නැහැ. පාප් වහන්සේ තෝරා ගන්නේ ලෝක ජනප්‍රියත්වය මත නෙමෙයි. රහසිගත ජන්දයකින් පමණයි.  

මේ වන විට අපගේ අදරදගුරු රංජිත් හිමිපාණන් පාප් වහන්සේගේ අවසන් කටයුතු සඳහා වතිකානුවට ගොස් තිබෙන්නේ. උන් වහන්සේත් Conclave කියන පාප් වහන්සේ තේරීමේ ජන්දයට ඇතුළත් වෙනවා.

පාප් වහන්සේගේ අවසන් කටයුතු හමාර වුණාට පසුව පාප් වහන්සේ තෝරාගැනීමේ  ජන්දය පාවිච්චි කිරීමේ අවස්ථාවට උන් වහන්සේ සහභාගි වෙන්න නියමිතව තිබෙනවා. ඒ අනුව ඊළඟ පාප් පදවියට අපේ  අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සුදුසුකම් ලබා තිබෙනවා. මේ තාක් බහුතරයක් පාප් වහන්සේලා පත් වුණේ යුරෝපයෙන්. ජර්මනියෙන්, පෝලන්තයෙන්. යුරෝපයට පිටස්තර කෙනෙක් විදිට මෑතකාලීනව පත්වුණ එකම පාප් වහන්සේ තමයි ආර්ජන්ටිනාවෙන් පත් වුණ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ. යුරෝපයේ විතරක් නෙමෙයි අප්‍රිකානු මහාද්වීපයෙන් වගේම ආසියානු මහාද්වීපයෙන් වුණත් ඊළඟ පාප් වහන්සේ කෙනෙකු පත්වීමට ඉඩ කඩ තිබෙනවා. 

නදීශා අතුකෝරළ



අදහස් (0)

ලෝකයේ කාදිනල්ලා අතර අපේ අගරදගුරු ජනප්‍රියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

නිම්තෙර

ඇමෙරිකා වෙළෙඳපොළට ලංකාව ඇතළු වූ හැටි
2025 අප්‍රේල් මස 30 13 0

ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ලංකාවේ අපනයන ආදායමේ ප්‍රධානතම අංගයකි. වසර දෙකකට පෙර ඇඟලුම් ක්ෂේත්‍රයේ ලක්‍ෂ පහක සේවක පිරිසක් රැකියාවේ නිරතව සිටියත් මේ වන


සත්සරට සාධාරණයක් වෙයිද?
2025 අප්‍රේල් මස 30 11 0

“අනේ බුදු සර් මට මගේ දරුවගේ මිනිය එක වතාවක් හරි ඉඹින්න දෙන්න. මට මොනව උනත් කමක් නැහැ. මගේ දෙයියෝ....මගේ සුදු පුතේ ....මගේ ෂෂී....ඔයාගේ අතට දුන්න රෝසමල් පොකුර වග


ලෝකයේ කාදිනල්ලා අතර අපේ අගරදගුරු ජනප්‍රියයි
2025 අප්‍රේල් මස 28 32 0

මුළුමහත් ලෝකයට ආශීර්වාදය ලබා දුන් අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ වේලාවෙන් ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 88 වැනි වියෙහි පසු වූහ. එ


සැදැහැ සිත වටී පරිසරයත් සුරුකුව නම්
2025 අප්‍රේල් මස 28 14 0

භාවනාවක් යනු යම් අධිෂ්ඨානයක් මූලික කර ගනිමින් සිදුකර ගන්නකි. අධිෂ්ඨානයක් නොමැති නම් භාවනාවක් සිදු කිරීමට ඉලක්කයක් තිබිය නොහැකිය. එකම අධිෂ්ඨානයකින් එ


රට සහ ක්‍රමය හදන අරමුණින් තමයි අපි ගවේෂණාත්මක මාධ්‍ය කලාවෙ නිරත වෙන්නෙ
2025 අප්‍රේල් මස 20 23 0

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ (ගවේෂණ) මාධ්‍යවේදිනී නාමිනී විජේදාස, එක්සත් ජනපදයේ රාජ්‍ය


මෙදා සැරේ අවුරුදු සරුද?
2025 අප්‍රේල් මස 16 52 0

අලුත් අවුරුදු කියූ සැණින් අපේ මතකයට එන්නේ අලුත් ඇඳුම් පැලඳුම්. අතේ මිටේ මුදල් තිබුණත් නැතත්, අලුත් ඇඳුමක් තෑගි දෙන්නට අපි හැමෝම කැමතියි. එමෙන්ම අලුත්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 353 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site