ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් රට පුරා පිහිටි අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල සම්බන්ධතාව පුළුල් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක ‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහනේ තවත් පියවරක් ලෙස පසුගියදා අනුරාධපුරයේ ගෝනපතිරාව ප්‍රදේශයේ නව සන්නිවේදන කුලුනක් ඉදිකිරීමට කටයුතු කරන ලදී.
‘සිව් දෙසටම ඩයලොග්’ වැඩසටහන යටතේ නව සන්නිවේදන කුලුනු ඉදිවීමත් සමඟම රටපුරාම වැඩිදියුණු වූ සබැඳියාවක් සමඟින් එහි ප්‍රතිඵලයක් ලෙස වඩා හොඳ සන්නිවේදන පහසුකම්, අධ්‍යාපනයට ප්‍රවේශවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සම්පත් සහ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය වඩා උසස් මට්ටමකට ගෙන ඒමට ද මහඟු පිටිවහලක් වූ බවට සමාගම කියයි. ගෝනපතිරාව ප්‍රදේශයේ ඉදිකළ සන්නිවේදන කුලුනට අමතරව අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගත්තෑව සහ ලබුනොරුව ප්‍රදේශවල, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ - ගල්ඔය, හබරණ - මින්නේරිය සහ මගුල්පොකුණ ප්‍රදේශවල ද කුලුනු හා සන්නිවේදන කුලුනු ද ඉදිකර ඇත.
මෙවැනි අභියෝගාත්මක කාලසීමාවන්වල දී සන්නිවේදන ආවරණය පුළුල් කරමින් පාරිභෝගිකයන්ට සහාය වීමට අඛණ්ඩව ගන්නා උත්සාහය යටතේ ඩයලොග් සමාගම 2022 අවසන් වන විට ඩයලොග් ජාලය රටපුරා ග්‍රාම නිලධාරී වසම් 180කට අධික සංඛ්‍යාවක් ආවරණය කරමින්, 4G මොබයිල් කුලුනු 4,700 කට අධික සංඛ්‍යාවක් ඉදිකර ඇත. එය ශ්‍රී ලංකාවේ ඉදිකර තිබෙන වැඩිම සන්නිවේදන කුලුනු සංඛ්‍යාව ද වේ.
එමෙන්ම සියයට 95 කට වැඩි ජනගහනයකට 4G ආවරණ පහසුකම් සලසාදීමට ද ඩයලොග් සමාගමට හැකිවී තිබේ. තවද අති දුෂ්කර ගම් ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් සැලසීමේ ක්‍රියාවලිය පුළුල් කිරීම සඳහා ඩයලොග් සමාගම Green Field කුලුනු උපයෝගී කරගත් අතර, ජනාකීර්ණ ප්‍රදේශවල අවශ්‍යතාව වෙනුවෙන් Lamp Pole විසඳුම හරහා සේවාවන් ලබා දී ඇත.
ඩයලොග් ජාලයේ ආවරණය ඉහළ නැංවීම, ජාල අධීක්ෂණය කිරීමෙහි නිරත අන්තර්ජාතික සමාගම්වල ප්‍රශංසාවට ලක්ව තිබෙන අතර Open Signal සමාගම විසින් ‘හොඳම 4G ආවරණය’ / වේගවත්ම Upload සහ Download අත්දැකීම් වෙනුවෙන් ඩයලොග් ආයතනය සම්මානයට පාත්‍ර කර තිබේ.
595
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘සිව් දෙසටම ඩයලොග්’ අනුරාධපුරයේ ගෝනපතිරාවට නව කුලුනක්