(යොහාන් භාසුර)
ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රයකින් කැනඩාව බලා පිටත්ව යෑමට පැමිණි 24 හැවිරිදි පේදුරුතුඩුවේ පදිංචි තරුණයෙක් ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්‍ෂණ ඒකකය කටුනායක ගුවන්තොටුපලේ අද (10) පස්වරුවේ භාරයට ගත් බව එම දෙපාර්තමේන්තුව පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූඑල් 217 දරණ ගුවන් යානයෙන් දෝහා වෙත පිටත්ව යෑමට නිෂ්කාශන කටයුතු සඳහා පැමිණි අවස්ථාවේදී ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව ඇති වූ සැකයක් මත ගුවන් සේවය අදාල තරුණයා දේශසීමා ආවේක්‍ෂණ ඒකකයට යොමු කළ බවත් ඉන් අනතුරු ඔහුගේ ගමන්මළු පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය සහ මාලදිවයිනට යෑමට ව්‍යාජ ලෙස සකස් කළ වෙනත් ගුවන් සමාගම ගුවන් ටිකට් පතකත් සොයාගත් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කීය.
එම ව්‍යාජ කැනඩා ගුවන් ගමන් බලපත්‍රය ජාවාරම්කරුවෙකුට රුපියල් ලක්‍ෂ 40 ක මුදලක් ගෙවා සකස් කරගැනීමෙන් පසුව ගුවන් තොටුපළ අසළදී අද පස්වරුවේ එය ඔහුට ලැබී ඇති බවත් ඔහු එම ගුවන් ගමන් බලත්‍රයෙන් නිෂ්කාශන කටයුතු අවසන් කර ඔහුගේ නීත්‍යානුකූල ශ්‍රී ලංකාව ගමන් බලපත්‍රයෙන් ආගමන විගමන කටයුතු කිරීමට සැළසුම් කර ඇති බවත් එම දෙපාර්තමේන්තුවේ උස්ස නිලධාරියෙක් පැවසීය.
අදාල පුද්ගලයා ප්‍රශ්න කිරීමෙන් පසුව ගුවන් තොටුපළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ඒකකයට භාරදීමට නියමිත බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙක් පැවසීය.
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
හොර කැනඩා පාස්පෝට් සමඟ පේදුරුතුඩුවේ තරුණයා මාට්ටු