(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

හිරකරැවන් රට පුරා බන්ධනාගාරවල හිතක් පපුවක් නැතුව බල්ලෝ බලල්ලු ගාණට අද ගාල් කර ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ (සංශෝධන) විවාදයේදීය. සුජීව සේනසිංහ මහතා මෙසේද කීය

යුද්ධයෙන් පස්සේ වැඩිම ආරක්ෂක නිලධාරීන් මියගියේ මීගමුව බන්ධනාගාර සිද්ධියේදී. ඒ මියගිය තුවාල ලැබූ අයගේ පවුල්වල සාමාජිකයන්ට ශෝකය පුද කරනවා. මහර බන්ධනාගාරයේ සිද්ධිය වෙද්දි අනුර කුමාර දිසානායක විශේෂ ප්‍රකාශයක් කළා. සම්බන්ධ සියලු දෙනා ඉල්ලා අස්වෙන්න ඕන කිව්වා. අද ඒ කතා ඔහුටම පාරාවලල්ලක් වෙලා. බන්ධනාගාරවල තදබදය මුලින්ම මම පෙන්නලා දුන්නා.