
(කාංචන කුමාර ආරියදාස)
මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23 සඳහා සඳහා යුද හමුදා නිලධාරීන් 46 දෙනෙකු හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පුහුණුවීම් කටයුත්ත අද ( 18) ආරම්භ කළහ .
කෘෂිකර්මාන්තය පිළිබඳව දින පහක මෙම පුහුණු වැඩසටහන නාලන්ද කෘෂිකර්ම පුහුණු බිජ ගොවිපලේදී ඇරැඹිණි.
මාතලේ දිස්ත්‍රික්කයේ හරිත කෘෂි කර්මාන්ත ක්‍රියාන්විතය ක්‍රියාත්මක කිරීම් සඳහා යුද හමුදාවේ 111 වැනි පාබල බල සේනා සේනාවේ සේනාකාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක මහතා පත්කොට තිබේ.
ඒ අනුව බ්‍රිගේඩියර් වරයාගේ ප්‍රධානත්වයෙන් නාලන්ද ගොවිපලේදී රජයේ කෘෂිකර්ම උපදේශකවරුන් ප්‍රායෝගික පුහුණුව ලබාදීම ආරම්භ කෙරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම යමක් කිරීමේ හැකියාව තියෙන්නේ හමුදා පුහුණුව ලද පුරවැසියන්ට වග නැවත නැවත ඔප්පු වෙමින් පවතිනවා. අනෙක් බොහෝ අය වැඩක් නොකිරීමට ක්‍රමවේදනේ හොයන්නේ... සෘණ ආකල්ප මයි තියෙන්නේ... අනෙක තමයි මුල් බැසගත් දේශපාලන පක්ෂ රෝගය...!
හමුදාව කෘෂි කර්මාන්තය පාලනය කරන නිසා ලංකාවේ සිටින රජයෙන් වැටුප් ලබන ගොවිජන සේවා නිලධාරීන් වැනි නිලධාරින් අනවශ්‍ය නිසා ඔවුන් වෙනත් රාජකාරි වලට අනුයුක්ත කරනවද? කරුණාකර මේ විකාර නවත්වන්න. ගොවියාට අවශ්‍ය පොහොර ටික ලබාදෙන්න. රජයේ ගොවිපළවල හෝ හමුදා කඳවුරු තුළ හමුදාවට අවශ්‍ය නම් වගා කරන්න.
ගොවියා තරම් ගොවිතැන ගැන දන්න කෙනෙක් නෑ. හැමෝම එකතු වෙලා ගොවියාට සහාය වෙන්න. ධීවරයා, ගොවියා, කම්කරුවා තමතමන්ගේ වැඩේ කරයි. ඒවට අවශ්‍ය පහසුකම් එහෙම දෙන්න අමාරුනම් බාධා නොකර ඉන්න. හරිත කෘෂිකර්මය 20%ක් තිබුණා නම් හොඳටම ප්‍රමාණවත්... ලෝකයේ නොකරපු දේවල් අපි අත්හදා බලලා මිනිස්සු සාගතේකට ඇදලා දාන්න බැහැ.
අපේ රටේ වැඩිපුර සිටින්නේ කෘෂිකර්මයට සම්බන්ධ උපාධිය ඇති, උපාධි දාරීන්ය. ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජනයක් නොගෙන කරන මේ වැඩ නිසා රටට වෙන සෙතක් නොමැත..
පොහොර තිබෙනවා නම් ගොවිතැන් කරන හැටි අපි දන්නවා...