IMG-LOGO

සොරකමේ ගිය අටේ කල්ලිය අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොළඹ දිස්ත්‍රික්කයේ තැන තැන නවතා තිබූ ත්‍රී රෝද රථ හා යතුරුපැදි සොරකමේ නියැලුණු අටේ කල්ලිය  අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි.

එම සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා තීරෝද රථ අටක් සහ යතුරු පැදියක් පොලිස් භාරයටගෙන ඇත.

මහරගම නගර මධ්‍යයේ මත්ද්‍රව්‍ය අතැතිව සැකකටයුතු පුද්ගලයෙකු සැරි සරන බවට ලද තොරතුරක් මත  අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් පැය 72 ක රඳවා ගැනීමේ නියෝග මත සිදුකළ දීර්ඝ විමර්ශනයේදී මෙම තීරෝද රථ සොරකම් කල්ලියේ සුල මුල අනාවරණය කර ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

එම ප්‍රධාන සැකකරු තාවකාලිකව පදිංචිව සිටින නිවස පරීක්ෂා කිරීමේදී සොරකම් කළ යතුරුපැදියක් සන්තකයේ තබාගෙන සිටින බව අනාවරණය වූ බවත් ඒ අනුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී එම යතුරුපැදිය ඇතුළු ත්‍රී රෝද රථ විශාල ප්‍රමාණයක් සොරකම් කර ඇති බවට තොරතුරු ඔහුගෙන් අනාවරණය කරගත් බවත් පොලිසිය පවසයි.

 

 

 



අදහස් (0)

සොරකමේ ගිය අටේ කල්ලිය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 853 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 527 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site