සෙලින්කෝ ලයිෆ් සමාගමේ 22 වැනි ප්‍රණාම ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ දී හෙට දවසේ නායකයන් ලෙස හඳුනාගත් තරුණ ශ්‍රී ලාංකිකයන් 152 දෙනකුට රුපියල් මිලියන 22 ක් වටිනා ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණි.
උග්‍රවන අධ්‍යාපන වියදම් සහ ආර්ථික අර්බුදයෙන් ජීවන වියදම කෙරෙහි ඇති කරන බලපෑම හඳුනාගනිමින් සෙලින්කෝ ලයිෆ් විසින් ප්‍රණාම ශිෂ්‍යත්වවල වටිනාකම ස්වේච්ඡාවෙන් දෙගුණ කිරීම මෙවර උත්සවයේ කැපී පෙනෙන අංගයක් විය.
කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් දේශනය පවත්වමින් අනාගත අභියෝගවලට මුහුණදීම සඳහා අත්‍යවශ්‍ය කුසලතා ලෙස නිපුණතා සංවර්ධනය, භාෂා ප්‍රවීණතාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සාක්ෂරතාවය සහ මූල්‍ය සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළේය.
ශිෂ්‍යත්වලාභීන් දියුණු වෙමින් මව්රටත් ගොඩනඟන බවට වන පොරොන්දුව අඩංගු ප්‍රණාම ගීතයේ අවසාන පේළි දෙක වූ ‘අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි - අපි හැදෙනවා රට හදනවා ඒක ඇත්තමයි’ යන්න ගැන සිතා බලන ලෙස සෙලින්කෝ ලයිෆ් හි අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රංග අබේනායක මහතා ශිෂ්‍යත්වලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.
සෙලින්කෝ ලයිෆ් ‘ප්‍රණාම’ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2022 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතා දැක්වූ සිසුන් 25 දෙනකුටත්, 2021 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විශිෂ්ටතා දැක්වූ සිසුන් 25 දෙනෙකුටත්, 2021 අ.පො.ස. (උසස් පෙළ) දිස්ත්‍රික්කවල ප්‍රථම ස්ථානයන් හිමිකර ගත් සිසුන් 25 දෙනකුටත්, එසේම එම විභාගයේදීම 02, 03 සහ 04 වැනි ස්ථාන හිමිකර ගත් සිසුන් 66 දෙනකු සඳහාත් ශිෂ්‍යත්ව පිරිනැමිණි. තවද 2021 සහ 2022 වසරවලදී ක්‍රීඩා, සෞන්දර්යය, නවෝත්පාදන හෝ නිර්මාණශීලී ක්‍ෂේත්‍රවල ජාතික හෝ ජාත්‍යන්තර මට්ටමින් දස්කම් දැක්වූ ශ්‍රී ලාංකික සිසු දරුවන් හට කුසලතා සම්මාන ද පිරිනමන ලදී.
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ’’ හ
සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ ’’ ඇඹිලිපිටියේ පොඩ්ඩා’’ නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨා
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සෙලින්කෝ ලයිෆ් වෙතින් රු.මි. 22 ක ප්‍රණාම ශිෂ්‍යත්ව