IMG-LOGO

2025 මැයි මස 31 වන සෙනසුරාදා


සභික ලැයිස්තු බාරදීම හෙටින් අවසන්

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණයේ සභික ලැයිස්තු බාරදීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ලබාදී ඇති කාලය හෙට (30) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන්වේ.

මේ අනුව හෙට මධ්‍යම රාත්‍රීය තෙක් ලැබෙන සභික ලැයිස්තු ගැසට් පත්‍රයකින ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

ඊට පසුව ලැබෙන ලැයිස්තු ඊට පසුව ගැසට් කරන බවද ඔහු සඳහන් කළේය.

සභික ලැයිස්තු බාරදීම සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කොමිසමේ සභාපතිවරයා පැවසුවේ එම ලැයිස්තු සැලකිය යුතු ලෙස ලැබෙමින් පවතින බවයි.

මේ අතර සභිකයන් තෝරා පත් කර ගැනීමේදී මතුවී ඇති අර්බුද හේතුවෙන් ඇතැම් දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම් වල සභික ලැයිස්තු පිළියෙල කිරීම මෙසේ ප්‍රමාද වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආනන්ද රත්නායක මහතා මෙසේද පැවසීය.

ලැබෙන සභික ලැයිස්තු අපි ගැසට් කරනවා. ඒක තමයි මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය. අපි ඒක කරනවා. සභා පිහිටුවන එක ඒ අයට අයිති වැඩක්. ඒක කොමිසමේ වැඩක් නොවේයි.

 



අදහස් (0)

සභික ලැයිස්තු බාරදීම හෙටින් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 114 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 265 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 580 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site