IMG-LOGO

2025 ජුනි මස 07 වන සෙනසුරාදා


සබරගමු සරසවියෙන් පස් කියුබ් පන්සියයක් කපාගෙන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
 
ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොවිපල ඉඩමෙන් කොන්ත්‍රාත්කරුවකුට නොමිලේ පස් කියුබ් පන්සියයක් කපා ගැනීමට විශ්ව  විද්‍යාල පාලක සභාව අවසර ලබා දී ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය විය.
 
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා සබරගමු විශ්වවිද්‍යාලයේ ඉහළ කළමනාකාරීත්වය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී මේ කරුණු අනාවරණය විය.
 
මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටු සභාපති වෛද්‍ය  නිශාන්ත සමරවීර මහතා කීවේ.
 
2022 වසරේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ පෞද්ගලික ඉල්ලීමකට අනුව කොන්ත්‍රාත්කරුවකුට විශ්වවිද්‍යාල භූමියෙන් පස් කියුබ් පන්සියයක් නොමිලේ කපා ගැනීමට පාලක සභා අනුමැතිය ලබා දී තිබෙන බවයි.
 
මෙලෙස  පස් කපා ගැනීමට අවසර දුන්නේ කවුදැයි  කෝප් කමිටුව විශ්ව විද්‍යාල පාලක සභාවෙන්  විමසූ අවස්ථාවේ සබරගමු විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී සමන් උයන්ගොඩ මහතා පැවසූයේ කවුරුත් අවසර නොදුන් අතර නොදැනුවත්වම පස් කපාගෙන ගොස් ඇති බවයි.



අදහස් (3)

සබරගමු සරසවියෙන් පස් කියුබ් පන්සියයක් කපාගෙන

Nandalal de Silva - France Friday, 06 June 2025 12:19 AM

විශ්ව විද්‍යාලයේ උනත්, ඒ වැඩෙන් නම් පෙනවා, උන් රොත්තම... මැටි මෝල්ලු රංචුවක් කියා !

:       0       2

තොත්තබබා Friday, 06 June 2025 06:17 AM

තමන්ට රැකගැනීම භාරව තියෙන දේපලක් නාස්තිවෙද්දී ඒ ගැන නොසලකා සිටීම ආයතන සංග්‍රහයේ 11වැනි කාණ්ඩයේ 1වැනි පරිශිෂ්ටයේ වැරදි පිළිඹඳ විග්‍රහයේ දැක්වෙන නොසැලකිල්ල යන වරද මෙම ශාක්ෂිකරු ඇතුළු පාලක මණඩලය සිදුකර තියෙනවා. ඒ වෙනුවෙන් ඔවුන්ට උපරිමයෙන් දඬුවමක් දියයුතුයි..

:       0       4

Tikiri Friday, 06 June 2025 10:31 AM

අපි නොදන්නවාද සමන් උයන්ගොඩ ගැන කොළඹ සරසවියේ හිටියා කාලයක්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 291 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 300 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 460 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site