(සුමිත් පොතුපිටිය)
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක විසින් මිළදී ගත් ස්ටර්ලිං පවුම් 18500 ක වටිනාකමකින් යුත් සුදු රත්තරං , කහ රත්තරං වලලු සහ කරාබු ඇතුළු ස්වර්ණාභරණ තොගයක් සොරකම් කළුතර උතුර පොලිසිය කියයි.
කළුතර උතුර සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින බ්‍රිතාන්‍ය ජාතික ලින්ඩා බ්‍රව්මන් නැමැති කාන්තාවක විසින් ඊයේ (28) රාත්‍රි කල පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කල බව පොලිසිය සදහන් කරයි.
පැමිණිලිකාර කාන්තාව කළුතර උතුර සංචාරක හෝටලයේ සිට ත්‍රිරෝද රථයකින් අලුත්ගම ප්‍රදේශයට ගොස් එහි ප්‍රධාන ස්වර්ණාභරණ අලෙවි සැලකින් රන් ආභරණ මිළදී ගෙන ඇති බවත් එහිදී සංචාරක මගපෙන්වන්නන් ලෙසින් කටයුතු කල දෙදෙනකු රන් ආභරණ ලබාගත් බවටත් ප්‍රකාශ ලබාදී ඇතැයි පොලිසිය සදහන් කරයි.
රන් භාණ්ඩ වල වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ අසු තුනකට අධික බවද සදහන් වේ.
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සුදු කතගේ කෝටියක රන් සොරා ගෙන
ජයරත්න Sunday, 29 January 2023 10:52 AM
මේ වගේ සිද්ධීන් වෙනකොට සාංචාරකයින් එයිද?
සමන් Sunday, 29 January 2023 11:16 AM
හොඳ වැඩේ... මේ වගේ කාලකන්ණි රටවල් වලට එනවාට...!
Sisira Sunday, 29 January 2023 01:05 PM
සංචාරකයෝ එන්නේ නෑ කියලා අඬනවා... සලකන්නේ නරක විදිහට...