
(ශාන්ත රත්නායක)
රටේ උද්ගත වි ඇති තෙල් අර්බුදයට හා විදුලි විසන්ධි කිරිමට එරෙහිව සමගි තරුණ බලවේගය සංවිධානය කරන උද්ඝෝෂණයක් නෙලුම් පොකුණ අසලදි පැවැත්විණි.
පහනක් දල්වමින් එම පිරිස විරෝධයකට එක්ව සිටිනු දක්නට ලැබිණි
සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු හර්ෂණ රාජකරුණා සහ සමගි තරුණ ජනබලවේගයේ ජාතික සංවිධායක චමත් විජේසුන්දර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබේ නෙමෙයි මොකක් වුණත් ඔක්කොම එකතුවෙලා රට කාලා ඉවරයි.. මේ දෙගොල්ලොම මේ තත්වෙට වගකිව යුතුයි. තරුණයින් කිව්වාට මහල්ලන් වගේ පේන්නේ...
නන්දසේන නොසිටින්න නුඹලාට ඉන්න වෙන්නේ ප්‍රභාකරන්ගේ තලතෙල් පහනෙන්. සජිත් කියන්න හරි හමන් නායකයෙක්ද? සජිත් ප්‍රේමදාසගේ පුතා නොවුණානම් හැරිලාවත් බලනවාද?
ගංවතුරේ මාළු බානවා...
දැන් නම් රටට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. එහෙම කියලා මේ පුතාණෝලා බලයට එන්න දඟලනවා. මේ දෙගොල්ලන්ගෙන් නම් වැඩක් නැහැ.
ඔය සංදර්ශන කරලා මේ අගාධයෙන් ගොඩ එන්න පුළුවන් කියලා හිතනවා නම් සජබය ගැන කතා කරලත් වැඩක් නැහැ. පහන් දල්වා මේක විසඳන්න පුළුවන් නම් දැන් විසඳිලා තියෙන්න ඕනෑ. මොකද විදුලිය නැතිව රටම පහන් එළියෙන් තමයි වැඩ කරගන්නේ...