IMG-LOGO

සක්‍රීය ජනගහනයට වඩා අක්‍රිය ජනගහනය තවමත් වැඩි

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රම බළකායේ වර්ධනයක් පෙන්නුම් කළද තවමත් මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනගහණයට වඩා ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහණය ඉහළ බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ "2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ" දැක්වේ.

මේ වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව මිලියන 8.46 ක් බවත් ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මිලියන 8.57 ක් බවත් එම වාර්තාවේ පෙන්වා දුන්නේය.

කෙසේ නමුත් මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මෙම වසරේ පළමු කාර්තුවේදී මිලියන 8.57 දක්වා පහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සැළකිය යුතු පහළ යෑමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ "2025 පළමු කාර්තු ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාවේ" දැක්වේ.

පසුගිය වසරේ මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව මිලියන 9.23ක් වූ අතර ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුවේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනතාව ලක්ෂ 7 කින් පමණ අඩුවී ඇත.

කෙසේ නමුත් තවමත් මෙරට රැකියාවක නියුතු විය යුතු වයසේ සිටින කාන්තාවන්ගෙන් සියයට 72.4 ක ප්‍රතිශතයක් ලක්ෂ 62 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. නමුත් පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පළමු කාර්තුවේදී ආර්ථික වශයෙන් අක්‍රීය කාන්තාවන් පිරිස ලක්ෂ තුනකින් පමණ අඩුවී තිබෙන බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නේය.

 



අදහස් (2)

සක්‍රීය ජනගහනයට වඩා අක්‍රිය ජනගහනය තවමත් වැඩි

PGPThilak Monday, 21 July 2025 07:14 AM

සක්‍රිය ජනගහනයෙනුත් සියයට කීයද ප්‍රයෝජනවත් රස්සාවක් කරන්නේ? 20% විතර ත්‍රීවීල් වල චන්ඩි වගේ වාඩි වෙලා! තව 30%-40%ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල පුටු රත් කරමින් කේක් කනවා තේ බොනවා! බලන් ගියාම ප්‍රයෝජනවත් රස්සාවක් කරලා ජීවත් වෙන්නේ 20%-25%වඩා අඩු පිරිසක්! අනෙක් සියළු දෙනා එකට උදව් සපයන මුවාවෙන් කල් මරන වංචනිකයන්! නැතිනම් වැඩිහිටි උදවිය නැතිනම් ළමා හා රෝගීන්

:       0       9

යෝගා Monday, 21 July 2025 11:27 AM

ඔය කියන තරම් අක්‍රිය අය ඉන්නවනම් හුඟක් පවුල් පාරට වැටිලා. විශාල බහුතරයක් හොඳටම සක්‍රියයි, හැබැයි බදු ගෙවන්න වෙන නිසා, අස්වැසුම ගන්න ඕන නිසා ආදායම් හංගනවා.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 707 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 291 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site