IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


වෛද්‍යවරියක් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩි වෙලා

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාල කාමරයට අද (14) පෙරවරුවේ බලහත්කාරයෙන් පිවිස ඔහුගේ අසුනේ වාඩිවූ කාන්තාවක මානසික ප්‍රතිකාර සඳහා රෝහලේ 59 වාට්ටුවට ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අදාළ කාන්තාව දෙහිවල ප්‍රදේශයේ සෞඛ්‍ය ආයතනයක සේවය කරන වෛද්‍යවරියක් බව පසුව තහවුරු වී යැයි රෝහල් ප්‍රකාශකයා කීය.

ජාතික රෝහලේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාර්යාලයට අද පෙරවරු 10ට පමණ පැමිණි අදාළ කාන්තාව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාට තර්ජනාත්මක අයුරින් බැණ වැදී ඇතැයිද එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇතැයිද රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේය.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තම ආසනයෙන් පිටත්ව ගිය සැණින් අදාල වෛද්‍යවරිය එම අසුනේ ඉඳගෙන රාජකාරි හරියට කරන්න බැරි නම් තනතුරෙන් ඉවත් වන්නැයි කියමින් කෑ ගසමින් සිටි බව රෝහල් ප්‍රකාශකයා කීය.

රෝහල් බලධාරීන් එහි පැමිණ එම වෛද්‍යවරිය  ජාතික රෝහලේ මානසික රෝග වාට්ටුවට ගෙන ගොස් බාර දී තිබේ. ඇයට මානසික රෝගයක් තිබේදැයි හෙළිකර ගැනීමට පරීක්ෂණ කටයුතු කරන බව රෝහල් ප්‍රකාශකයා කීය.



අදහස් (0)

වෛද්‍යවරියක් රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 107 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 63 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 448 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site