( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වෙන්නප්පුව වැව පාරේ අද (31) සිදුවු වෙඩි තැබිමකින් එක් අයෙකු එම ස්ථානයෙදීම මරණයට පත්ව තුවාල ලැබු තවත් අයකු රෝහල් ගත කර ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව මරණයට පත්ව ඇත්තේ වෙන්නප්පුව උදාසිරිගම පදිංචි ධනුෂ්ක උදයශාන්ත නොහොත් ‘කටා‘ යන අන්වර්ථ නාමයෙන් හැදින්වෙන් අයකු බව කියයි.
ඒ සමගම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති අනෙක් තැනැත්තා ලුණුවිල කිරිමැටියාන පදිංචි කරුවෙකු බව කියයි.
මෙම වෙඩි තැබිම වෙන්නප්පුව වැව පාරේ දි සිදුව ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඉරු දින වෙන්නප්පුව පොලිසියට පැමිෂ එහි පොත් අත්සන් කර ආපසු තම හිතවතේකු සමඟ යමින් සිටි අයකු බව කියයි.
මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් මෙම වෙඩි තැබිම සිදුකර ඇති අතර වෙඩි තැබිමත් සමඟ වෙඩි ප්‍රහාරයට ලක්වු දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය මාර්ගය අසල කොන්ක්‍රිට් කාණුවකට වැටි තිබු බව පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වෙන්නප්පුවේ වෙඩිතැබීමක් :අයෙක් මරුට