IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


විල්බාවේ ජාත්‍යාන්තර පාසල දරුවන්ට ආරක්ෂිත තැනක් ද?

(මනෝප්‍රිය ගුණසේකර)

කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ජාත්‍යයන්තර පාසලේ අධ්‍යාපනය ලබන දරුවන්ට ආරක්‍ෂිත තත්වයක් ඇද්ද? යන්න පිළිබඳ වහාම විමර්ශනයක් කර බලන ලෙස කුරුණෑගල මහෙස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කළේය.

කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින අදාළ ජාත්‍යයන්තර පාසල් වැඩබිමක නවාතැන්ගෙන සිටි පෙදරේරූවරයකු පිළිස්සී මියගොස් ඇතැයි කියමින් කුරුණෑගල මුලස්ථාන පොලිස් පරීක්‍ෂක පුෂ්පලාල් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය වු ආකාරය හෙළි කර ගැනීම සඳහා වහාම විමර්ශන කරන ලෙස කුරුණෑගල විදුලි අධිකාරීවරයාට රජයේ රස පරීක්‍ෂවරයාට” පොලිස් අපරාධ ස්ථාන විමර්ශන (සොකෝ) නිලධාරීන්ට සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අදාළ ජාත්‍යයන්තර පාසල් වැඩබිමේ නවාතැන්ගෙන සිටි පෙදරේරූවරයකු වු නුගලියද්ද තලාතුඔය පදිංචි ප්‍රියශාන්ත පෙරේරා නමැත්තෙකි.

දුරකථන ඇමතුමක් මඟින් ලැබුණු තොරතුරකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුණෑගල පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළව කළ විමර්ශන වල ප්‍රගතිය දැනුම් දෙමින් පසුගිය 20 වැනිදා රාත්‍රී 11-20ට පමණ අදාළ ජාත්‍යයන්තර පාසැල් වැඩබිමේ විදුලිය විසන්ධි වීමත් සමඟ ගින්නක් හයගෙන ඇතැයි සඳහන් කළේය.

එම ගින්නට හසුවී අදාළ ජාත්‍යයන්තර පාසැල් වැඩබිමේ නවාතැන් ගෙන සිටි පෙදරේරූවරයකු වු ප්‍රියශාන්ත පෙරේරා නමැත්තා හඳුනාගත නොහැකි වන තරමටම පිළිස්සී මිගගොස් ඇතැයි දැනුම් දුන් නිලධාරීහු මෙම ගින්න හටගැනීමට හේතූ වු කරුණු පිළිබඳ වහාම විමර්ශනයක් කරන ලෙස කුරුණෑගල විදුලි අධිකාරීවරයාට” රජයේ රස පරීක්‍ෂවරයාට සහ පොලිස් අපරාධ ස්ථාන විමර්ශන (සොකෝ) නිලධාරීන්ට නියම කරන්නැයිද මරණකරු සම්බන්ධයෙන් ප්‍රශ්චාත් මරණ පරීක්‍ෂයක් කරණ ලෙස කුරූකෑගල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කරන්නැයිද ඉල්ලා සිටියේය.

 



අදහස් (0)

විල්බාවේ ජාත්‍යාන්තර පාසල දරුවන්ට ආරක්ෂිත තැනක් ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 312 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16356 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 615 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site