IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


විපක්ෂයේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට?



(සුජිත් හේවාජුලිගේ)

දූෂණ  සිද්ධියක් සම්බන්ධයෙන්  විපක්ෂයේ ප්‍රබල නායකයෙකුද ළගදීම අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය.

ඔහු අමාත්‍යවරයෙකු ලෙස සිටි කාලයේදී අදාළ අමාත්‍යාංශයේ සේවකයන් පිරිසක් තමන්ගේ පෞද්ගලික කටයුත්තකට යොදා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවත් ඒ සිද්ධිය ගැන   සාක්ෂි රැසක් දැනටමත්   ලැබී ඇති බවත් රජයේ ආරංචි මාර්ග පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් සේවකයන් පිරිසකගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි දැනගන්නට
ඇත.

ඉන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂයේ එම  නායකයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.

තවද අමාත්‍යාංශයක වියදම් සම්බන්ධයෙන්ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. මේ අතර විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලනඥයන් 10  දෙනෙකු මේ වසරේදී රිමාන්ඩ්  බන්ධනාගාර ගත කෙරිණ.

මේ වසරෙදි දඬුවම් නියම කෙරුණු දේශපාලඥයන් සංඛ්‍යාව තුනකි.

 



අදහස් (28)

විපක්ෂයේ ලොක්කෙකුත් ළඟදීම අත්අඩංගුවට?

CK.Lankaputhra Monday, 01 September 2025 09:34 AM

අපොයි, අපොයි ලොරි ටෝක්ස් දෙන අර තුමා වෙන්න ඇති. ඒවා වෙනස් මේවා වෙනස්.

:       9       86

dds Monday, 01 September 2025 09:36 AM

ඉතාම සතුටුයි. බලය අවභාවිතා කල සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක විය යුතුයි. වහලුන් හැර සියලුම ජනතාව මෙයට කැමතියි.

:       16       131

අරවින්ද මොණරවිල Monday, 01 September 2025 09:56 AM

අපිත් වහල්ලු නොවිය යුතුයි. මේ ආණ්ඩුවේ ඇමතිලගෙ දූෂණ චෝදනාත් හොයලා ඒ අයවත් අත්අඩංගුවට ගත යුතුයි. අන්න එතකොට අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන්.

:       19       119

වික්‍රම විදුරMonday, 01 September 2025 10:13 AM

ඉස්සෙල්ලා රටටම සතුටු වෙන්න දීපල්ලා (හිටපු ඔවුන්ගේ කටු කාපු උන් ඇර)... ඊට පස්සේ ආණ්ඩු වෙනස් වුනොත් ඒවා හොයලා ඔබලාටත් සතුටු වෙන්න පුළුවන්...

:       7       18

SuddaMonday, 01 September 2025 11:50 AM

බොහොම ස්තූතියි අරවින්ද මොනරවිල. ඔයාලාගේ ඇමැතිවරු දෙදෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ නගරාධිපති කෙනෙක්ගේ නම් දැනටම කියැවෙනවා. තව ලොකුම කේස් එකක් යටගහනවා කියලාත් හිතෙනවා. ඒ නිසා තමයි ලියුමක් නිකුත් කරපු විශ්ව විද්‍යාලයෙන් ඒ ගැන විමසන්නේ නැතුව එය බොරුවක් කියනකොට ඔය කාටවත් ඡන්දය නුදුන් අපිත් දෙපාරක් පවතින රජය ගැනත් හිතන්නේ...

:       9       35

කෞෂි Monday, 01 September 2025 09:46 AM

එකයිද? ඉතුරු හොරු ටික?

:       18       47

Shantha Qatar Monday, 01 September 2025 10:16 AM

උස නම් සිකියුරිට් මිටි නම් කම්කරු බදවාගැනීම ගෙදර වැඩ පරික්ෂණයෙන් පසු

:       3       25

Wipakshe Monday, 01 September 2025 10:21 AM

අම්මෝ ... ඕවා අහනකොට බයේ බෑ

:       0       8

අරවින්ද මොණරවිල Monday, 01 September 2025 10:43 AM

මගේ නමින් තව එක කසළ ශෝකයෙක්ද අදහස් පළකරමින් පාඨකයන් නොමග යවන්න උත්සාහ කරමින් ඇත. ඒ කොහොම වුණත් මේ විපක්ෂයේ ලොක්කා කලකට පෙර හම්බන්තොට සියඹලා ගහක් යට කොට කලිසමක් හා ටී ශර්ට් එකක් ඇගලාගෙන පුටුවක වාඩිවෙලා, කොට නම් කම්කරු උස නම් සිකුරිටි කියමින් රැකියා දුන් අයෙක් වෙති. තවද ඔහුගේ ආර්ය්‍යාව සතු සැලූන් හෙවත් බාබර් ෂොප් වල සේවයට තම අමාත්‍යාංශයේ සේවකයන් යෙදවූ දුෂිතයෙක් බව අනාවරණය වී ඇත. තවද සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතය කරමින් තම දේශපාලන ප්‍රතිරූපය ගොඩ ගැන්වීමට ක්‍රියාකළ බවට චෝදනා එල්ල වී ඇත...

:       10       25

kathirinaMonday, 01 September 2025 02:18 PM

ඒ කියන්නේ ඔබත් අර සුදත්ත තිලක්සිරි වගේ ආනඩුවේ රහස් දන්නා කෙනෙක්ද දැන් තියාම අත් අඩන්ගුවට ගන්න අය ගැන කියන්නේ. එහෙනම් ඔහේවත් විමර්ශනය කරන්න වේවි. හොර මොනරවිල හැබැයි ඇත්ත කියන්නේ. ඔබතුමා නම් ගේ ඇතුලේ ඉන්න හොරු ගැන කතා කරන්න කැමති නෑ වගෙයි.

:       2       13

අරවින්ද මොණරවිල Monday, 01 September 2025 03:10 PM

ආණ්ඩුව ඇතුළේ හොරු ඉන්නවා නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හො අල්ලස් හො දූෂණ මර්දන කොමිසමට ගිහිල්ලා පැමිණිලි කරන්න. තැන තැන කෙදිරි ගාන්නේ නැතුව.

:       6       15

Kathirina Monday, 01 September 2025 06:33 PM

@අරවින්ද මොණරවිල. හොරු ඉන්නවා නම් කියන්නේ පහුගිය කාලේ ගොලුබෙලි කටුවක් යට හැංගිලා හිටියද? ඇයි දැක්කේ නැද්ද වසන්ත සමරසිංහ, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් තුන්දෙනාට විරුද්ධව නඩුවකුත් යනවා කියලා කොහේදෝ බිල්ඩිං එකකට හොර ඔප්පු හදලා කුලියට දීලා. අයිති කාරයෝ ඔප්පු කරලා නඩු යනවා. අපි අමුතුවෙන් කියන්න දෙයක් නෑ. හැබැයි අපේ අති පිරිසිදු ජේවීපී ඇමැතිවරු නගරාධිපති කට්ටිය තාම තනතුරු දරනවා. තමුන් කරනකොට හොඳයි නේද? ඒවා පෙනෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම තමුන්ගේ ගෙදර සුද්ද කරන් ඉන්න...

:       0       0

fairoos Monday, 01 September 2025 12:23 PM

තරාතිරම නොබලා රට බංකොළොත් කරපු සෙට් එකම යවමු ඇතුළට...

:       6       24

රනේ Monday, 01 September 2025 12:25 PM

ඒ එක්කම රටේ සංවර්ධනයටත් අපි හැමෝම දායක වෙමු. ඉක්මනින් සංවර්ධිත රටක් ගොඩනගමු!

:       2       30

Ran Tha Monday, 01 September 2025 12:32 PM

ශුවර් එකට විමලාවතී වෙන්න ඕනෑ

:       5       14

දනන්ජය Monday, 01 September 2025 12:43 PM

රනිල් ගත්තා. සජිත් ගනීවි, නාමල්, පාටලී ගනීවි. තමන්ගේ බලයට තර්ජනයක් වෙයි කියලා හිතන සින්හල බෞද්ධ නායකත්වය හිරකරලා රට විනාශ කරන්නද හදන්නේ?ජාතියක් ආගමක්, ජන්මයක් නැති මිනිස්සු ගත්තු වගකීම් පැත්තකට දාලා කරන්නේ ගැලරිය චූන් කරන එක...

:       47       34

වින්සන්ට් කජ්ජාMonday, 01 September 2025 08:13 PM

සිංහල බෞද්ධ කමට මුවාවෙලා රටට කෙලපු මුං ටික ප්‍රභාකරන්ටත් අන්තයි. මුං වැනසුවේ තමන්ගේම මිනිස්සුන්ව. සිංහල බෞද්ධයින් මූලිකව අනෙකුත් ජාතීන්ට ඇති එකම රට. මොවුන්ට හිරේ හොඳ වැඩියි...

:       0       0

අරවින්ද මොණරවිල Tuesday, 02 September 2025 08:58 AM

ඔයාලට දැන් රනිල්, සජිත් සිංහල බෞද්ධ නායකයෝ වෙලාද පෙනෙන්නේ ? ඔයාලගේ අප්පොච්චා නම් ඒ දවස්වල දහ අතේ දිවුරලා කිව්වේ, රනිල්ලා සජිත්ලා රට ජාතිය ආගම විනාශ කරන්න හදන පරගැති කට්ටියක් එවුන්ගෙන් රට බේරා ගන්න එයාට චන්දය දෙන්න කියලා. දැන් එතකොට ඒවා බොරුද ?

:       0       0

කපුරුහාමි Monday, 01 September 2025 01:09 PM

පොහොට්ටුවේ උන් කියාවි විරුද්ධ පාක්ෂිකයින්ව මර්දනය කරන්ඩ යනවා. හිර ගෙවල්වල ඉඩ මදිවෙනවා කියලා, එහෙම වෙන්ඩ එපැයි, දූෂිත දේශපාලුවෝ කරලා තියෙන දේවල් වල හැටියට...

:       4       30

සංඛා Monday, 01 September 2025 01:49 PM

දැන් මේ සිදුවීමෙන් ඉතුරු හොරු ඔක්කෝම බයවෙලා ඉන්නේ. රනිල්ට හොරා හොර කියපු කට්ටිය රනිල් ගැන කිඹුල් කඳුළු සලන හැටි අපිට පේනවා. ඊළඟ දවසේ ඔහුට ඇපත් නැතුව, ඉතුරු හොරුන්ගේ නඩු ටිකත් ලෑස්ති කරගන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

:       11       18

ලූට මූස් Monday, 01 September 2025 01:56 PM

ඔය ගමන්ම හොර ඔප්පු කේස් එකට කට්ටි පනින වසන්තවත් අත්අඩංගුවට ගත්තොත් නම් අනුර වැඩ්ඩෙක් කියලා කියන්න පුළුවන්...

:       6       29

Nelu Monday, 01 September 2025 05:14 PM

හොර ඔප්පු වසන්තව ගන්න බෑනේ. එයා සහ එයාගේ සහායකයන් දෙන්නා කියන්නේ දූෂිත නැති රජයේ බලකණු තුනක්නේ. අර බල ශක්ති ලොක්කවත් අල්ලස් කොමිසම හමුවට ගේන්නේ නෑ ලොක්කාගේ සහායකයෙක් නිසා. එහෙම කියලා තමයි තවත් පුවත් පතක තිබුනේ. මොකාව ගත්තත් කමක් නෑ නියම විදිහට විමර්ශනය කරලා.

:       1       12

ලූට මූස්Tuesday, 02 September 2025 03:57 AM

කරැණාකර අනුන්ගේ නම් වලින් විකෘති අදහස් පලකිරීමෙන් වලකින්න. ඒ තරමටවත් සදාචාරයක් විපක්ෂයට කත් අදින ඩෝබිලාට නැද්ද?

:       1       0

Siri Monday, 01 September 2025 02:04 PM

ගොන්ස්ටන්... ගොන්ස්ටන් කියනවා වගෙයි ඇහෙන්නේ. එයාටනන් රිමාන්ඩ් එක ගෙදර වගේ. කීසැරයක්නම් ආව ගියාද.

:       5       12

දීනප්‍රභූTuesday, 02 September 2025 07:18 AM

වහිනකොට කුරුණෑගල ගෙම්බොත් ඕකම කියනවලු.

:       0       1

Podi Hamine Monday, 01 September 2025 02:09 PM

වැරදි කරා නම් ඒවා අධිකරණයේදී ඔප්පු විය යුතුමයි... ගැලරිය චූන් කරන්න අත් අඩන්ගුවට ගන්නවා නම් එහි විපාක මේ අයටත් දවසක විදින්න වෙයි...

:       4       11

විදුරංග Monday, 01 September 2025 03:50 PM

දැන් මේ යූඑන්පී එකයි, පොහොට්ටුවයි බලයේ ඉන්නකොට, සජබ ප්‍රදාන විපක්ෂය වෙලා ඉන්නකොට, සියලුම රාජ්‍ය ආයතන තමන්ගේ යටතේ තියෙනකොට නේද සෙට් එකම පරද්දවලා ගෙදර යැව්වේ? දැන් මහ ඡන්දයක් අහලකවත් නැති වෙලාවේ උසාවියේ නඩු සෙට් වෙනකොට බොරුවට මර්දනය කියලා කෑගහන්නේ ඇයි? නඩු නැතත් ඔයාලාට ආයේ දිනන්න බැහැ. මොකද ඔයාලාට පුරුදු බත්බැල දේශපාලනය දැන් ඉවරයි. අලුත් වෙන්න. පරණ දශක ගානක් තිස්සේ ඇස් පනාපිට හොරකම් කරනවා දැකපු, අපිට බල්ලන්ට වගේ සලකපු අයව, අපිට අතේ පැලවෙන බොරු කියපු අයව අතෑරලා, පිරිසිදු මිනිස්සු ටිකක් අරගන්න ඔය පක්ෂ වලට. එහෙම කලොත් තව අවුරුදු 20 කින් විතර බලන්නම් ඡන්දයක් දෙන්න පුළුවන්ද කියලා...

:       5       10

Asela Monday, 01 September 2025 06:31 PM

කන්ටේනර් නිදහස් කිරීම සහ අනෙකුත් ටෙන්ඩර් ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් බරපතල ලෙස චෝදනා එල්ල වූ මන්ත්‍රීවරුන්ගේ නිහඬතාවය අපව පුදුමයට පත් කරයි. "අපේ ආණ්ඩුව" අපේ කඳවුරේ සිටින අය හැර අනෙක් අය පමණක් සොයන බව සත්‍යයකි. අපේ ආණ්ඩුව, අපේ පොලිසිය, අපේ CID සහ අපේ සොලිසිටර්. මේ වැඩකට නැති පාලනය විසින් ගෙන එන විශ්වීය න්‍යායයක් තිබේ. අපේ හැර අනෙක් සියල්ලෝම හොරු...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 292 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16274 7
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 601 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site