(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු පිළිබඳව මහජන අදහස් විමසීම අනිද්දා (23) සිට ජුනි මස 3 වැනිදා දක්වා පළාත් ආවරණය වන පරිදි පවත්වන බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසීය.
ඒ අනුව පළාත් නවය ආවරණය වන පරිදි වාචික අදහස් විමසීමේ රැස්වීම් 9 ක් සංවිධානය කරන බවත් රත්නපුර, බදුල්ල, යාපනය, මාතර, අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර සහ කොළඹ යන නගරවල මෙම වාචික අදහස් විමසීමේ රැස්වීම් පැවැත්වෙන බවත් ඒ මහතා කීය.
යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ලිඛිත අදහස් ලබන ජූනි මස 5 වැනිදා දක්වා භාරගන්නා බවත් '2025 දෙවන වර්ෂයේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම' සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වැනි මහල, ලංකාව බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට එම අදහස් යොමුකළ හැකිය.
ඊට අමතරව 0112392641 ෆැක්ස් අංකයට හෝ 0764271030 යන වට්ස්ඇප් අංකයට හෝ [email protected] යන ඊමේල් ලිපිනයට හෝ තොරතුරු යොමු කළ හැකි බව ද මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කළේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
විදුලි ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසීම අනිද්දා ඇරඹේ