IMG-LOGO

විද්‍යාඥයන්ට විශ්වයේ ඈතින් මිදුණු ජලය හමුවෙලා

විශ්වයේ ඈතින් පිහිටි ‘තරුණ’ තාරකා පද්ධතියකින් මිදුණු ජලය සොයා ගත් බව නාසා විද්‍යාඥයෝ පවසති.

පෘථිවිය අයත් අප අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් විශ්වයේ ඈතින් මේ අයුරින් මිදුණු ජලය සොයා ගැනීමක් සිදුවූයේ පළමු වරට යැයි විද්‍යාඥයන් පවසන්නේ මහත් උනන්දුවකිනි.

විද්‍යාඥයන්ට මෙම සොයා ගැනීම කළ හැකි වී ඇත්තේ, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය ආධාරයෙනි බව ද පැවැසෙයි. ‘ජේම්ස් වෙබ්’ යනු අති නවීණ තාක්ෂණයෙන් නිර්මාණය කෙරුණු, අභ්‍යවකාශයේ රඳවා ඇති දුරේක්ෂයකි.

මිදුණු ජලය හමුවී ඇත්තේ, ආලෝක වර්ෂ 155 ක් දුරින් පිහිටි තාරකා පද්ධතියකිනි. මෙම තාරකා පද්ධතිය ‘තරුණ’ තාරකා පද්ධතියක් යැයි විද්‍යාඥයන් පවසන්නේ එහි වයස අවුරුදු මිලියන 23 ක් පමණක් වීම නිසාය. 

විද්‍යාඥයන් ‘එච්.ඩී. 181327’ යන නමින් මෙම තාරකා පද්ධතිය නම් කර ඇති අතර, මෙම පද්ධතිය පිහිටා ඇත්තේ තැටියක ආකාරයෙනි. තාරකා පද්ධතියට අයත් තාරකාව අප හිරුට වඩා උණුසුම් බව ද පැවැසෙයි.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (2)

විද්‍යාඥයන්ට විශ්වයේ ඈතින් මිදුණු ජලය හමුවෙලා

බේරේ ගඳ නෑරේ Monday, 19 May 2025 09:17 AM

ඕක මොකට ප්‍රසිද්ධ කෙරුවාද මන්දා...? දැන් ඔය වතුර ටිකටත් වෙච්චි දෙයක් නැතුව යනවා...

:       0       1

Chandima Monday, 19 May 2025 12:28 PM

ඈත ඉඳන් දුරේක්ෂයකිත් ඈත යන ලස්සන කෙල්ලෝ දිහා බලනවා වගේනේ. අඩුම තරමින් අවුරුද්දකට ආලෝක වර්ෂ බාගෙකවත් වේගෙන් යන වාහනයක් නැතුව ඒකට යන්නේ කොහොමද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 261 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 136 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1770 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site