(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මහා භාණ්ඩාගාරයට සහ රටේ ආර්ථිකයට අඛණ්ඩව වැය බරක් නොවී දේශීය හෝ විදේශීය ආයෝජන වල සහාය ඇතිව රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කර මනා පාලනයකින් යුතුව පවත්වා ගත යුතු බව හඳුනා ගෙන ඇතැයි රජය පවසයි.
ඒ සඳහා කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුත් යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතු බව රජයේ ප්‍රතිපත්තිය වේ. රජය සතු ව්‍යාපාරික සමාගම් මනා කළමනාකරණයකින් යුතුව හා අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කර පවත්වා ගෙන යාමට අවශ්‍ය නව නෛතික රාමුවක් හඳුන්වා දීම සඳහා " රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත " නමින් මූලික කෙටුම් පතක් මේ වන විට සකස් කර ඇත.
එමඟින්, රාජ්‍ය ව්‍යවසායයන් සම්පුර්ණයෙන්ම දේශපාලන බලපෑම් වලින් ඉවත් කිරීමටත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වෘත්තීය සුදුසුකම් සහිත ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වයක් ඇති වෘත්තිකයන් පත් කිරීමටත් හැකි වනු ඇත.
ඒ අනුව, එකී මූලික කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, එකී මූලික කෙටුම්පත සමාලෝචනය කර තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් සංයුතියෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු (සභාපති),කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු කමිටු සාමාජිකයෝ වෙති.
මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්ප
ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.
අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී
අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව
ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්