IMG-LOGO

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා


වසර අවසානේ සංචිත ඩොලර් බිලියන 7.3ක් කරනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ වසර අවසන් වන විට විදෙස් සංචිත ඩොලර් බිලියන 7.3ක් දක්වා වැඩිකර ගැනීමට අපේක්ෂා කරන බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා:- (ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

"විනිවිදභාවයෙන් විධිමත්ව ලංකාවට වාහන ගෙන්වා ගැනීමට ඉඩ සැලසීම මේ සංශෝධන වලින් සිදු කෙරෙනවා.

අප වාහන ගෙන්වීම නතර කර තිබූ සමයේ ලෝකයේ වාහන තාක්ෂණය වෙනස් වී තිබුණා.ජපානයෙන් වාහන ගෙන්වීමේදී දී තිබුන පැරණි ක්‍රමවේද වෙනස් වීමේ අවශ්‍යතාවය තදින් දැනුනා.ලිපි ලේඛන හුවමාරු  ක්‍රමය පවා ප්‍රශ්නකාරී වුණා. ඒ කටයුතු සිදු වුණේ ඉතා හෙමින්. ඒ වෙනස සිදු කිරීම සඳහා ආර්ථිකය ඩිජිටල්කරණය කර නව තාක්ෂණය හරහා නව හුවමාරු කරගන්න පියවරක් තබා තිබෙනවා.

ඉදිරියටත් අපේ ආණ්ඩුව වාහන ගෙන්වීම නතර කරන්නේ නෑ. ආර්ථිකය ප්‍රසාරණය වන තරමට සංචිත වැඩිවන තරමට වාහන ගෙන්වීම වැඩි කරන්නට අප රජය කටයුතු කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (3)

වසර අවසානේ සංචිත ඩොලර් බිලියන 7.3ක් කරනවා

Umara Thursday, 22 May 2025 04:21 PM

පරම සත්‍ය තමයි ඉතින්

:       0       5

යෝගා Thursday, 22 May 2025 05:52 PM

මෙලෝ හසරක් නොදන්නා පාපිසි ලව්වා බයිලා කියවනවා.

:       2       2

so sad Thursday, 22 May 2025 06:37 PM

අර සංගීත් උන්නැහේගේ යාළුවා තවම එවනවා කිව්ව ඩොලර් මිලියනය එව්වෙත් නෑ නේද? ඒකත් එක්ක වෙන්න ඇති ගණන් හදන්න ඇත්තේ.. කටින් බතල තමයි ඔක්කොම. මහදැනමුත්තාට නම් හරිගිය ගෝලයෝ ටික, පච කියන්න බයිලා ගහන්න එකෙක්ට එකෙක් දෙවැනි නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 438 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 218 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1934 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site