(ජයරත්න වික්‍රමාරච්චි)
කරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයේ වැලි පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක සේවිකාවකගේ ගෙළට පිහියක් තබා මුදල් කොල්ල කා පළා ගොස් සිටි බවට සැකකරන පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මධ්‍යස්ථානයේ තිබු රුපියල් 20,375ක මුදලක් කොල්ල කා තිබේ.
සැකකරුවන් සමඟ කොල්ලය සදහා ඔවුන් යොදා ගත් බව කියන පිහියක්, යතුරුපැදි 2ක්, කළුපාට ජැකට් 2ක්, කළු කලිසම් 2ක් මුහුණු ආවරණ 2ක් හා ජංගම දුරකතනයක් ද අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලීසිය කියයි.
ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (18) අලුයම සිට අද (19) අලුයම කාලය තුළ පුත්තලම, ගල්කුලම සහ සිරම්බිඅඩිය ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් සමඟ අදාළ උපකරණ තොගය මෙසේ අත් අඩංගුවට ගත් බවද පොලීසිය පවසයි.
සැකකරුවන් මෙම මුදල් කොල්ලය සිදුකර ඇත්තේ පසුගිය 12 දින සවස් කාලයේ බවත් පොලීසිය කියයි. එසේ පැමිණි දෙදෙනෙකු කොල්ලය සිදුකරන අතරතුර දෙදෙනෙකු පිටත සිට ඔත්තු බලා ඇති බවට තොරතුරු ඇති බවත් පවසන පොලීසිය අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර, කොල්ලය සංවිධානය කළ බව කියන එහි වැලි ප්‍රවාහන ලොරියක රියැදුරෙකු ද වන බවත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලි පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයක මුදල් කොල්ලකෑ 4 ක් සැක පිට අත්අඩංගුවට