
ඇමෙරිකන් වෛද්‍යවරයකුට සිදුවුණු අකරතැබ්බක් ගැන එරට මාධ්‍ය වාර්තා කරයි. වෛද්‍යවරවයා, අත්වැරදීමකින් ප්ලීහාව ඉවත් කිරීමට නියමිතව තිබූ රෝගියකුගේ අක්මාව ඉවත් කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය පෙන්වා දෙයි.
ප්ලීහාව ඉවත් කිරීමේ සැත්කමට ලක් කෙරුණේ 78 හැවිරිදි බ්‍රයන් නමැති රෝගියාය. සැත්කමින් පසු අධික රුධිර වහනයකින් රෝගියා මියගියේය. මරණ පරීක්ෂණයක් සිදු කෙරුණු අතර එහිදී අනාවරණය වූයේ සැත්කමින් ඉවත් කර ඇත්තේ ප්ලීහාව නොව අක්මාව බවටය.
සැත්කම සිදු කර ඇත්තේ ප්ලීහාව සම්බන්ධයෙන් 18 වසරක පලපුරුද්දක් ඇති විශේෂඥ වෛද්‍යවරයකු වන වෛද්‍ය තෝමස් ෂැකෝනෝව්ස්කී නමැත්තාය.
ප්ලීහාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකුට ප්ලීහාව හඳුනා ගැනීමට නොහැකි වූයේ කෙසේදැයි ප්‍රශ්න කරන බ්‍රයන්ගේ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ වෛද්‍යවරයු සම්බන්ධයෙන් නීතිමගින් කටයුතු කිරීමට සූදානම් බවය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැරි වෙලාවේ ඕක ලංකාවේ උනානම් ඇමරිකාවේ වලං හෝදන එවුන්ගෙ පොර ටෝක් කෝටියක් බලා ගන්න තිබුනා....
අපේ රටේ මිනිස්සු දෙවියො කියල හිතන් හිට්යට දොස්තරල කියන්නෙත් මිනිස්සු. ඕනිම මනුස්සයෙක්ට වරදින්න පුලුවන්. ඒක තම මිනිස්සු කියන්නෙ. හිතල කරන්නෙ නෑ. නමුත් ඒ රටවල් වල එහෙම වරදක් උනොත් ඒක පිළිගන්නව. වැරැද්දට නීතිමය පියවර ගන්නව. නමුත් අපේ රටේ දොස්තරල කියන්නෙම් එයාලට වරදින්නෙම නෑ කියල. වරදක් පිලිඅරගෙන නෑ මේ වෙනකන්. නීති සිසුවියකගෙ වැරැදි අතක් කැපුව. දොස්තරට ප්‍රශ්නයක් නැ. සිසුවියට සාධාරණය ඉශ්ඨ උනෙත් නැ. ගිය අවුරුද්දෙ පුන්චි දරුවෙකුගෙ හොඳ වකුගඩුව අයින් කරල ලමය මැරුන. දොස්තරල සෑහෙන්න දැඟලුව වැරද සාධාරණය කරන්න. නොදන්න අශ්වලාඩම් ඇඳ ඇඳ සමාජ ජාලවල හෑලි ලිව්ව. හැබැයි හෘද සාක්ෂියට ඇනූව වරද දන්න සැත්කම කරපු දොස්තරල දෙන්න රට පැන්න. කාටවත් සාධාරනය ඉටු උනෙත් නැ. වරද පිලි අරගෙනත් නෑ. අනුරාධපුර රෝහලෙ මවකට දරුව ලැබෙනකොට දරුව බිමට වැටිල දරුව මිය ගිය. දොස්තර කිව්වෙ දරුව අධික වේගයෙන් එලියට ආව කියල. දරුව මැරතන් දුවන ගමන් එන්න ඇත්තෙ.. හැම වෙලෙම වැටුප් ගැනයි, වරප්‍රසාද ගැනයි කියවන සංගමුත් ඒවට සද්ද නෑ.
ඒ රටේ නැද්ද දන්නෑ ලංකාවේ වගේ වකුගඩුවට අශ්වලාඩන් ඇඳලා හෑලි ලියල වැරදි සාධාරණීය කලේ කළා වගේ, ඒ රෝගියාගේ ප්ලීහාව තියෙන තැනට අක්මාව ඇවිල්ලා කියල වැරැද්ද සාධාරණීකරණය කරන දොස්තරලා
ඉතින් ඔහොම වෙන්නෙ ඇමරිකන් ජනාධිපති බයිඩන් අවුරුදු හතරක් තුල දවස් 532 ක් නිවාඩු අරගෙන හිටපු නිසා වෙන්න ඇති. ලංකාවෙ අපි සෑම සියලු දෙයටම වැරදි කරු කරන්නෙ ජනාධිපති නිසා තමයි. එහෙම කිව්වෙ ඇමරිකාවෙ කාර්‍යාල සේවකයෙක් අවුරුදු 50 ක් තුල ගන්නා නිවාඩු ජනාධිපති අවුරුදු 4 කදී ගැනීම තමයි දොස්තරට වැරදිලා තියෙන්නෙ