
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී යමින් තිබේ.
ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය මුදා හැරීම සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගබඩා කර ගන්නා ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ ජලය දිනකට ඝණ මීටර් ලක්ෂ ගණනින් සිඳි යමින් පවතින බව මහවැලි අධිකාරියේ උසස් නිලධාරියෙකු පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත වැටී පැරැණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්නව පවතින අතර සිඳි යමින් පවතින ජලාශය දැක ගන්නට විශාල පිරිසක් එන බවද ප්‍ර දේශවාසීහූ කීහ.
විදුලි අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී ජලයද නොමැති වීම අරබුදය තවදුරටත් තීව්‍ර කරවන්නක් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.




2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වික්ටෝරියා පතුලටම සිඳෙයි
kamal Monday, 21 February 2022 11:40 AM
මේකත් හරියටම මහ බැංකුවේ සේප්පුව වගෙයි. අර නාග පෝතකයාවත් ගෙන්නලා මොකක් හරි කරන්න බැරිද?
Jayasumana Monday, 21 February 2022 12:02 PM
සර්ව රාත්‍රික පිරිතක් කිව්වොත් වහින්න ඉඩ තියෙනවා.
JosuwaTuesday, 22 February 2022 11:57 AM
අපේ දෙවියන්ගේ කැමැත්තට තමයි වැස්ස දෙන්නේ... දෙනකම් කටවහගෙන ඉන්න...
sam Monday, 21 February 2022 12:57 PM
වතුර වැඩියි කියලා ඇරියා නේද?
Suranga Monday, 21 February 2022 04:45 PM
වතුර හිඳිලා නෙවෙයි අයින් කරලා... වතුර නැත්නම් ගොවිතැන් නෑ. පොහොර වියදම අඩු වෙනවා. විදුලිය නෑ. ඉන්ධන වියදම් අඩු වෙනවා. මේ තමයි ජීවන සහනාධාර...
sunil perera Wednesday, 23 February 2022 07:20 AM
සංචාරකයින් නැති හෝටල් හදන්න කඳුකරේ වන සම්පත විනාශ කරලා, උඩරට එළවළු වවන්න රක්ෂිත වනාන්තර ටිකෙන්ටික වාර්ෂිකව විනාශ කරලා ඒවාට ක්‍රමීනාශක යොදලා ජලමූල අපවිත්‍ර වනවිට මේවා කාන්තාර වේවි...!!!