
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල පවතින වැසි රහිත වියලි කාලගුණය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පතුලටම සිඳී යමින් තිබේ.
ජල විදුලිය නිෂ්පාදනය සඳහා ජලය මුදා හැරීම සඳහා සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ගබඩා කර ගන්නා ප්‍රධාන ජලාශයක් වන වික්ටෝරියා ජලාශයේ ජලය දිනකට ඝණ මීටර් ලක්ෂ ගණනින් සිඳි යමින් පවතින බව මහවැලි අධිකාරියේ උසස් නිලධාරියෙකු පසුගියදා ප්‍රකාශ කර තිබිණි.
මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත වැටී පැරැණි තෙල්දෙණිය නගරය මතු වීමට ආසන්නව පවතින අතර සිඳි යමින් පවතින ජලාශය දැක ගන්නට විශාල පිරිසක් එන බවද ප්‍ර දේශවාසීහූ කීහ.
විදුලි අර්බුදයක් පවතින මෙම අවස්ථාවේදී ජලයද නොමැති වීම අරබුදය තවදුරටත් තීව්‍ර කරවන්නක් බව බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් හරියටම මහ බැංකුවේ සේප්පුව වගෙයි. අර නාග පෝතකයාවත් ගෙන්නලා මොකක් හරි කරන්න බැරිද?
සර්ව රාත්‍රික පිරිතක් කිව්වොත් වහින්න ඉඩ තියෙනවා.
වතුර වැඩියි කියලා ඇරියා නේද?
වතුර හිඳිලා නෙවෙයි අයින් කරලා... වතුර නැත්නම් ගොවිතැන් නෑ. පොහොර වියදම අඩු වෙනවා. විදුලිය නෑ. ඉන්ධන වියදම් අඩු වෙනවා. මේ තමයි ජීවන සහනාධාර...
සංචාරකයින් නැති හෝටල් හදන්න කඳුකරේ වන සම්පත විනාශ කරලා, උඩරට එළවළු වවන්න රක්ෂිත වනාන්තර ටිකෙන්ටික වාර්ෂිකව විනාශ කරලා ඒවාට ක්‍රමීනාශක යොදලා ජලමූල අපවිත්‍ර වනවිට මේවා කාන්තාර වේවි...!!!