IMG-LOGO

ලුණු මෙට්‍රික් ටොන් 15,000 වැස්සට දියවෙයි

(වැසි ජලයෙන්  ලුණු අස්වැන්න යට වී ඇති අයුරු) 


(හිරාන් ප්‍රියංකර ජයසිංහ )

නෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහළොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසි සමඟ දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවෝ පවසති.

රටපුරා මෙ වන විට මතුව ඇති  උග්‍ර ලුණු හිගයකට ප්‍රධාන හේතුව ලෙස බලපා තිබුනේද  ලුණු නිෂ්පාදනයට නිසි අව් රශ්මිය අහිමි වි වැස්ස නිරන්තරයෙන් පැවතීම බවද ඔවුහු කියති.

ශ්‍රී ලංකාවේ සමස්ථ ලුණු නිෂ්පාදනයෙන් පුත්තලම සියයට 60 කට ආසන්න දායකත්වයක් දක්වා ඇති අතර නිසි අව් රශ්මිය පැවති සමයන් වලදි මෙට්‍රික් ටොන් ලක්ෂයකට අධික අස්වැන්නක් ලබා දීමට කටයුතු කර තිබු බව පුද්ගලික හා රජයෙ ලුණු ලේවායන් වල අදාල අංශ පවසති.

ලුණු නිෂ්පාදනයට බාධා එල්ල කරමින් පැවති වර්ෂා තත්වය ලුණු වගා කරුවන්ටද බරපතල ආර්ථික ගැටළු මතු කර තිබුණි.

ලුණු ලේවායන් වල රුපියල් 1500 ක මිලකට නියම වී තිබු  ලුණු කිලෝ 50ක බැගයක් මේ වන විට රුපියල් 7000 කට ආසන්න මිලකට ඉහළගොස් ඇත. සිල්ලර මිලද මේ වන විට ඉතා ඉහළමට්ටමක පවතී

මේ සියල්ල හමුවේ පසුගිය සමයෙ දැඩි අව් රශ්මියක් පුත්තලම පතිත වි ලුණු ලේවායන් වල ලුණු පදම් වෙමින් එය යල කන්නයෙ ඉහල අස්වැන්නක් වාර්තා කරන තත්වයට පත්වෙමින් තිබියදී , නොසිතු ලෙස ඊයේ (17)  සිට නැවත වර්ෂාව පතිත විමත් සමඟ නැවතත් පුත්තලමේ ලුණු අස්වැන්න නොලැබිමේ තත්වයට පත්ව ඇති බව ලුණු නිෂ්පාදකයෝ පවසති.


( ලුණු අස්වැන්න නෙලීම සිදු කරන අයුරු  පසුගිය කන්නයේ ඡායාරූප පෙළකි)



අදහස් (13)

ලුණු මෙට්‍රික් ටොන් 15,000 වැස්සට දියවෙයි

කයිතං-npp Sunday, 18 May 2025 12:39 PM

බොරුවට ආයුෂ නැත. ස්වභාධර්මය නඩුව අහලා තීන්දුව දෙන්නත් පටන් අරං තියෙන්නේ...

:       17       14

Ruwan Sunday, 18 May 2025 12:50 PM

හදිසියේ කොහේද අනේ? අර “හරිම වෙදර්“ යූටියුබ් චැනල් එකේ කිව්වා සති 2/3 සිටම ඔහොම වෙන බව. ලංකාවේ කාලගුණ විද්‍යා එකක් තියෙන්නේ පින් පඩි ගෙවන්න. හරි නම් “හරිම වෙදර්“ මහත්මාට රජය සම්මාන දෙන්න වටිනවා. හොයලා මුදල් තෑග්ගක් දෙන්න ඒ මනුස්සයාට... ගොවියෝ එහෙම සෑහෙන පාඩු අවම කරගත්තා...

:       0       7

රම්බොඩ Sunday, 18 May 2025 01:55 PM

අපේ රටේ වැස්ස අමුතු දෙයක් නොවෙයිනේ. ඒවාට විකල්ප සූදානම් කරගෙන ඉන්න ඕනෑ..

:       0       16

Nandalal de Silva - France Sunday, 18 May 2025 02:07 PM

Shoi...shoi ! ලුණු පිටරටින් ගෙන්වන ක්‍රමය තවදුරටත් පුළුල් කරලා, කොමිස් කාක්කන්ගේ හොද්ද බොර කර ගැනීමට ලුණු කැටය දමා ගැනීමට.. වැස්ස වලාහක දෙවියෝත්... "Full support" !

:       1       11

ගුණරත්න Sunday, 18 May 2025 02:12 PM

ස්වාභාවධර්මයාත් මේ ආණ්ඩුව පිළිකුල් කරනවා, අන්තිමේ දුක් විඳින්නේ අසරණ මිනිස්සු...!

:       14       26

සිල්වා Sunday, 18 May 2025 03:16 PM

දේශගුණ විපර්යාස හේතුවෙන් අනාගතයේ ද ලුණු නිෂ්පාදනයට බලපෑම් ඇතිවිය හැකියි. මෙම තත්වයට මුහුණ දියහැකි නව තාක්‍ෂණ සහ ක්‍රම රජයේ මැදිහත්වීම හරහා සොයාගත යුතුයි.

:       0       24

JDM Sunday, 18 May 2025 03:29 PM

රනිල් ඉන්න කාලේ මට මතකයි, හැම සතියේම දවස් 3,4 ක් එක දිගට හේදෙන්න වැස්සා. ගං වතුරත් මාසෙකට සැරයක් වගේ හැමතැනම. ඒත් ලුණු තිබුණානේ. මේ කාව රවට්ටන්න කියන බොරුද?

:       5       16

නිර්මාණශීලී ලෙස පච කියනු ලැබේ Sunday, 18 May 2025 03:31 PM

අර ලක්ෂ 45 ගොන් ‍රැලට හොඳයි මේ වගේ ගොන් කතා. ඔවුන් ඉතින් තණකොළ කනකොට ලුණු දාගෙන කන්නේ නෑනේ. ඉතින් ප්‍රශ්නයක් නෑ...

:       2       11

පුනරුදේට ජයවේවා Sunday, 18 May 2025 03:37 PM

ඉතින් ලුණු නැත්තන් අන්තිම ඇටෙත් ඉවර වෙනකම් ඇමැතියා මොකද කරේ? එයා කැබිනට් පත්‍රිකා දාන්නේ කඩේ ලුණු ඉවරයි කියලා නිව්ස් එක ගියාම. හාල් ගේන එකා හාල් ගෙන්නන්නේ කඩේ හාල් ඉවරයි කියලා පත්තරේ ගියාම. ඌට නම් ටෙන්ඩරේ 4 පාරක් දාලත් හරියට ගේන්න බැරි වුනා. ඕවා තමයි කොමිස් කියන්නේ. ඕවා තමයි හොරකම් කියන්නේ. මාලිමාවේ පොදු ගිණුමට ගියාට ඒවා හොඳ වැඩ වෙන්නේ නෑ. මේවා නතර කරන්න ආපු උන් එලිපිටම ගේම් දෙන්නේ...

:       3       10

Jotho Sunday, 18 May 2025 04:03 PM

මොනවද අනේ? ට්‍රිලියන 2කුත් ණය අරගෙන ලුණුවත් නැද්ද? හොඳ වෙලාවට රිළව් ලුණු කන්නේ නැහැ.

:       1       8

යෝගා Sunday, 18 May 2025 04:09 PM

ඇමැතිලා කොහේද අනේ මේ ආණ්ඩුවේ? නැව් කුමාර කියන විදියට ඉන්නේ පාපිසිනේ...

:       5       6

Sankalpa Sunday, 18 May 2025 06:10 PM

එකතු කල ලුණු වැස්සෙන් බේරාගන්න ඒවා වහන්න ක්‍රිකට් ground වහනවා වගේ covers ගෙන්වුවා නම් ඉවරයි. දැන් ඇත්තටම ලන්කාවේ කාලකන්නි කාලගුණයක් තියෙන්න. නැතිවෙන්න පායනවා... එතකොට අඹ ගස් වැහෙන්න මල් එනවා. මල් පීදෙන කොටම නැතිවෙන්න වහිනවා. මල් කලුවෙලා වැටෙනවා. එක ගෙඩියක් හැදෙන්නේ නෑ. සොබාදහම එක්ක වගාවක්, නිශ්පාදන කරන්න බෑ. දියුණු රටවල් ඒකයි පොලිටනල්, green house ඇතුලේ සාර්තකව වගා කරන්නේ. අපි හැම දේටම මේ ක්‍රම අනුගමනය නොකළොත් අපි සදා අනාථයි.

:       0       0

ගුණරත්න Sunday, 18 May 2025 06:10 PM

මට පරණ අරාබි ජනකතාවක් මතක් වුණා, බූරුවන් පිටේ ලුණු පටවාගෙන දිය පහරකින් එතෙරවුණු වෙළෙන්දෙක් ගැන, ඉතින් කියන්න දෙයක් නැහැනේ ලුණු වලට මොකද වුනේ කියලා... මේ ගොන්, තකතීරු ආණ්ඩුව අර වෙළෙන්දා වගේ තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 229 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 114 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1726 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site