(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ ශ්‍රී ලංකාව සඳහා ඊශ්‍රායෙල් තානාපති රූවෙන් අසාර් මහතා අතර හමුවක් ගොවිජන මන්දිරයේදී පැවැත්විණි.
දෙරට අතර කෘෂිකර්මික,පශු සම්පත්,වාරිමාර්ග තාක්ෂණ හුවමාරුව, ආයෝජන සහයෝගීතා, සහ නවීන කෘෂිකර්මික ක්‍රමවේදයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.
ශ්‍රී ලංකාවට ගැලපෙන කෘෂිකර්මික ආකෘතියක් පිළිබඳව වැඩිදුර අවබෝධයක් ලබා ගැනීම සඳහා ඊශ්‍රායලයේ සංචාරය කරන්නැයි තානාපතිවරයා මෙහිදී අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට ආරාධනා කළේය. එම සංචාරයේදී ඊශ්‍රායලයේ නවීන කෘෂිකර්ම තාක්ෂණයන්, ව්‍යාපෘති සහ ක්‍රමවේද දැකබලා, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය නවීකරණය කිරීම සඳහා අවශ්‍ය දැක්මක් ලබාගත හැකි වනු ඇතැයි තානාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ලාල්කාන්තට ඊශ්‍රායලයෙන් ආරාධනයක්
Neel Thursday, 22 May 2025 04:32 PM
ඉතාම හොඳ අවස්ථාවක්..
සාලිය Thursday, 22 May 2025 05:12 PM
එක වැවක් තියන් යුරෝපෙටම එලවලු දෙන රටෙන් වැව් දහස් ගානක් තියන් පලතුරු ආනයනය කරන රටට ආරාධනා කිරීම ...