
(සුමිත් පොතුපිටිය)
කොළඹ සිට මාතර බලා ගමන් ගත් ශ්‍රී ලංගම බස් රථයක් ඩීසල් නොමැතිව අද උදෑසන කළුතර නගර මධ්‍යයේ නතරවීමෙන් එහි ගමන් ගත් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
කොළඹින් මාතර බලා ධාවනය වූ මාතර ඩිපෝවට අයත් එම බසය කළුතර මැදපාරේ උදෑසන 9 ට පමණ නතරවී තිබේ.
ඒ වනවිට මගීන් 80 කට ආසන්න පිරිසක් රථයේ ගමන් කරමින් සිට ඇති අතර, ඔවුන් වෙනත් බස් රථ වලට යොමුකල බව රියදුරු මහතා පැවසීය .
අනතුරුව කලුතර ඩිපෝවට දැනුම්දී ඩීසල් රැගත් ලංගම කාර්මිකයින් පැමිණ බස් රථය පෙරවරු 10.30 ට පමණ යලි පණගන්වන අයුරු දැකගත හැකිවිය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදා වෙච්චි වැඩද මේවා..? හැබෑටම...!
අපට නම් "මොකා" බලයේ හිටියත් අදාලම නැත". අප ඔය එකෙකුගෙන්වත්, යැපෙන්නන් නොවන බැවිනි". මධ්‍යස්ථව සිතීමට හැකි මිනිසුන්ට නම් පෙනෙන එක් දෙයක් ඇත. මෙතෙක් කල් ධාවනය වූ මෙම බස්රථය "අදම" ඉන්ධන නැතිව නතරවීම පිටුපස නිවට අරමුණක් ඇති බව හොඳින්ම පැහැදිලිය. නොඑසේනම් මේ රියදුරා මෙම මාර්ගයට නවකයකි. එයද සිදුවිය නොහැකිය. මක්නිසාදයත් රියදුරාගේ මූලික වගකීමක් ගමනට අවශ්‍ය ඉන්ධන නිසිලෙස තිබේද, තිරිංග හොඳින් ක්‍රියා කරන්නේද, එන්ජින් ඔයිල් මට්ටම, රේඩියටර් වතුර මට්ටම, ටයර්වල පීඩනය නිසිලෙස තිබේද, විදුලි බල්බ ක්‍රියා කරන්නේද යන මූලික කරුණ සොයා බැලීම. (අපගේ අදහස් වැරදියි නම් කිසිවෙකුට හෝ අපව නිවැරදි කිරීමට හැකිය.) එබැවින් මෙය (කිනම් හෝ දේශපාලුවෙකුගේ) බලය වෙනුවෙන්ම ඕනෑම බලු වැඩක් කිරීමට පසුබට නොවෙන දේශපාලන සංස්කෘතියේ අවලං ක්‍රියාවක් ලෙසය. අප රටේ තිබෙන කිසියම් හෝ පක්ෂයක ගොට්ටන්ට, පක්කලියන්ට අපගේ මෙම අදහස් ගැරඬියාට සල්ෆියුරික් ඇසිඩ් ගෑවුණා සේ දැනෙනු ඇත...
සර් ෆේල්... බයියන්ට ඒක තේරෙන්න කල් යයි.
රියදුරු ශුවර් එකට එජාපය හරි, ජවිපය හරි වෙන්න ඇති... කවුරු වුණත් ආණ්ඩු විරෝධී පොරක්... එයා දන්නේ නැහැ බස් එකේ ඩීසල් නෑ කියලා..!