(අංජුල මහික වීරරත්න)
මහජන චීන සමූහාණ්ඩුවේ චොං විං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කිරීම, සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ පුහුණු අවස්ථා හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් මහජන චීන සමූහාණ්ඩුවේ චොං විං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට යෝජනා වී තිබේ.
යෝජිත අවබෝධතා ගිවිසුම මඟින් මහජන චීන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකාව අතර වැඩසටහන් හුවමාරු කර ගැනීම, ඉගෙනුම් හා පුහුණු අවස්ථා ප්‍රවර්ධනය කිරීම, ඒකාබද්ධ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය කිරීම සහ සංචාරක කර්මාන්තයට අවශ්‍ය ප්‍රචාරණය ලබා ගැනීම සඳහා අවස්ථාව සැලසෙනු ඇත.
ඒ අනුව, මහජන චීන සමූහාණ්ඩුවේ චොං විං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර යෝජිත අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රූපවාහිනිය චීනය සමඟ ගිවිසුමක්