IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


රිටිගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වු 10ක් අල්ලයි

( කුෂාන් ජයවර්ධන)

රිටිගල දැඩි ස්වාභාවික  රක්ෂිතයට අයත් කොඩිගලකන්ද ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වු හිමිනමක් , කාන්තාවන් පස් දෙනෙකු ඇතුළු දහ දෙනෙකුගෙන් යුත් පිරිසක් රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් එම පිරිස අතර සිටි කාන්තාවන් 05 දෙනා හා පිරිමි පුද්ගලයින් 04 දෙනා කඩුවෙල බෝමෙරිය ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද අත්අඩංගුවට පත්ව ඇති ඔවුන්ට මඟ පෙන්වූ බව කියන හිමිනම  මුරියාකඩවල ප්‍රෙද්ශයේ විහාරයක වැඩ වාසය කරනු ලබන බවද  වනජීවී නිලධාරිහු සිදුකළ විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.

සැකකාර හිමි නම විසින් මීට පෙරද මෙලෙස නීති විරෝධී අයුරින් රිටිගල දැඩි ස්වභාව රක්ෂීතයට සංචාරකයින් රැගෙන යාමට උත්සහකළ අවස්ථා කිහිපයකදී දැඩි ලෙස අවවාද කර මුදා හැර තිබියදී එම උපදෙස් නොතකා තවදුරටත් මෙලෙස සංචාරකයින් හා දැ හැදුනුම්කම ඇති අය මෙලෙස නීති විරෝධී අයුරින් රිටිගල දැඩි ස්වභාව රක්ෂීතයට ඇතුළු කිරීමටකටයුතු කර තිබූ බව වනජීවී නිලධාරීහු පවසති.

දැඩි සංවේදී පරිසර කලාපයක් වන රිටිගල දැඩි ස්වභාව රක්ෂීතය සාමාන්‍ය ජනතාවට ඇතුළුම නීතියෙන් තහනම් කර ඇති  ප්‍රදේශයකි.  

 

 

 

 

 



අදහස් (0)

රිටිගල රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වු 10ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 490 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17066 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 681 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site