(සුජිත් හේවාජුලිගේ)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාටද හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතාටද ගෙදරින් කෑම ලබාගැනීමට බන්ධනාගාර ප්‍රධානීන් අවසර ලබා දී ඇත.
එම දෙදෙනා කළ ඉල්ලීමක් අනුව මෙසේ අවසර දුන් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් චන්දන වීරසිංහ මහතා පැවසීය.
මේ අනුව දෙදෙනාම ඊයේ දහවල් සිට ගෙදරින් කෑම ලබාගෙන ඇත.
මෝදර ධීවර වරාය බඳු දීමේදී රජයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් පාඩු කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන මස 9 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.
2006 පළාත් පාලන ඡන්දය පැවති කාල සීමාවේදී මීගමුව උප නගරාධිපති සුනිල් විල්බට් පෙරේරා මහතාගේ නිවසට පහරදී අනර්ථයක් කිරීම සම්බන්ධයෙන් නිමල් ලංසා මහතා ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රාජිතට ලංසාට ගෙදරින් කෑම
Perera Monday, 01 September 2025 07:51 AM
එතකොට රතන හාමුදුරුවන්ට කොහෙන්ද දානය ලැබෙන්නේ?
විපරමාMonday, 01 September 2025 10:00 AM
පරණ ජෙප්පෙක් නිසා පැලවත්තෙන් යවයි.
ප්‍රොමිස්...කා Monday, 01 September 2025 08:01 AM
දවසක අපේ අයටත් හමින්බර්ඩ් එකෙන් වැලිකඩට කෑම සප්ලයි කරනවා. ඇත්තමයි.
maalaka Monday, 01 September 2025 08:37 AM
ඇයි මේ අයට විශේෂයක්? හැම කෙනෙක්ටම මෙහෙම කරන්න පුළුවන්ද? නීතිය සමාන නැද්ද ?
අරවින්ද මොණරවිල Monday, 01 September 2025 10:46 AM
ටික කලක් ගෙදරින් කෑවාදෙන් පස්සේ සදහටම කල්දේරම් බත් කන්න වාසනාව ලැබෙයි...
Nihal Dharmatileke Monday, 01 September 2025 12:21 PM
ඔය කෑම පාර්සලය අවුස්සලා බලන්න...
කපුරුහාමි Monday, 01 September 2025 01:17 PM
දූෂිත දේසපාලුවෝ හොරා කාලා තියෙන විදියට මුලු බන්ධනාගාරයටම කෑම සපයන්න බැරිකමක් නැහැ...
විදුරංග Monday, 01 September 2025 04:08 PM
ඇයි මේ මෙව්වත් ලොකු සීන් කරගන්නේ? අපේ ගමේ කොල්ලෙක් ඇතුලේ ඉන්න කොටත් අපි දවස ගානේ කෑම ගිහින් දුන්නා. මේවා සිල්ලර දේවල්. හිරේ ඉන්න ඕනෙ කෙනෙකුට කෑම ගිහින් දෙන්න පුළුවන්. ඒක විශේෂ දෙයක් නෙවෙයි.