(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියෙ සාමාන්‍යාධිකාරිවරිගේ රාජකාරියට බාධා කරමින් කලහාකාරි ලෙස හැසිරුණු කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු ඊයේ(9 ) අත්අඩංගුවටගත් බව නොරොච්චෝල පොලීසිය කියයි.
මෙලෙස ඇත්තේ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ සභාපති ධුරය දෑරු අයෙකී. ඔහු මේ වන විට කල්පිටිය ප්‍රාදේශීය සභාවට සමගි ජන බලවේගය පක්ෂ යටතේ තරග වැදි සිටි ප්‍රාදේශීය දේශපාලනඥයෙකි .
කල්පිටිය විවිධ සේවා සමුපකාරයට අයත් භුමියක් බදු ක්‍රමයට ලබා ගත් පුද්ගලයකු එම භුමියෙ අදලා බදු කොන්දෙසි උල්ලංඝණය කරමින් වසර ගනනාවක සිට දැවැන්ත ගොඩනැගිල්ලක් ඉදි කර පවත්වාගෙන යාම සම්බන්ධව සොයා බැලිමට නොරෝච්චෝල පොලිස්ථානයෙ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු සමඟ ඊයේ අදාල ස්ථානයට ගිය කල්පිටිය විවිධ සේවා සමුපකාරයෙ සාමාන්‍යාධීකාරීනිය සිටි ස්ථානයට කඩා වැදුණ හිටපු සභාපතිවරයා ඇගේ රාජකාරියට බාධා කරමින් එම ස්ථානයෙන් පිටත්ව යන ලෙසට තර්ජනය කිරීමේ සිද්දියට මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රාජකාරියට බාධා කළ කල්පිටිය ප්‍රා.ස. හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට