( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි මෝටර් රියක් බුලත්සිංහල පහළ නාරංගලදී වෙළෙදසලක හැපී සිදු වූ අනතුරකින් වෙළෙදසලෙහි සිටි දියණිය මිය ගොස් ඇගේ මව (84) බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි බුලත්සිංහල පොලීසිය පවසයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ පහළ නාරංගල පදිංචිව සිටි දළදාවත්තගේ චන්ද්‍රාවතී (55) හැවිරිදි තිදරු මවකි.
මොවුන් කුඩා වෙළඳසලක් පවත්වාගෙන යන අතර ඔවුන් දෙදෙනා ඒ තුළ රැදී සිටියදී බුලත්සිංහල දෙසට ධාවනය වූ මෝටර් රථය රියදුරුට පාලනය කරගත නොහැකිව වෙළෙදසල තුළට කඩා වැදීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.
රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර සුඛෝපබෝගී මෝටර් රථයක්.