(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියොත් රටට හොඳක් වේවි යැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (7) පැවැසීය.
"නමුත් එහෙම කිසිම සූදානමක් නැහැ.එතුමා පාර්ලිමේන්තුවට යනවා නම් හරි කාලෙ බලලා යාවි.නමුත් දැනට එවැනි සාකච්ඡාවක් නැහැ.එවැනි සූදානමක් නෑ, යනුවෙන්ද එජාප නියෝජ්‍ය නායකයා කීය.
එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති දන්සලක ආරම්භක අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තුවට එනවා යැයි බොහෝ කතාබහක් ඇති වී තිබෙන බවත් එතුමා පාර්ලිමේන්තුවට යවන්න සූදානමක් තිබේදැයි එහිදී මාධ්‍යවේදීහු රුවන් විජයවර්ධන මහතාගෙන් විමසූහ.
රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතමින් සිරිකොත පක්ෂ මූලස්ථානය මෙම දන්සල සංවිධාන කර තිබිණි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
රනිල් පාර්ලිමේන්තු යනවාද?රුවන් උත්තර දෙයි