IMG-LOGO

2025 ජුනි මස 02 වන සඳුදා


රටට පදක්කම් ගෙනා ශූරයෝ ක්‍රීඩා අමාත්‍යාංශයට

(අංජුල මහික වීරරත්න)

ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලියෙහි රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක්  දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා අතර හමුවක් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විය. 

මෙම ජාත්‍යන්තර තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කිරීම අභියෝගයක් වූ බවත්, ඒ වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය බොහෝ වෙහෙසුන බවත් මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අදහස් දැක්විය.

ආසියානු බොක්සිං තරඟාවලියෙන් ජයග්‍රහණය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කරන අතර ඉදිරියේ දී බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් මෙරටට ගෙන ඒමට උත්සාහවන්ත විය යුතු බව මෙහිදී ක්‍රීඩික ක්‍රීඩිකාවන් අමතා අමාත්‍යවරයා පැවසුවේ ය.

මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න,  ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු , ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙහි (BASL) සභාපති අනුරුද්ධ බණ්ඩාර, ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය හා යොවුන් බොක්සිං ශූරතාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  සහ පුහුණුකරුවෝ සහභාගී වූහ.



අදහස් (0)

රටට පදක්කම් ගෙනා ශූරයෝ ක්‍රීඩා අමාත්‍යාංශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 160 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 321 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 601 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site