IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


රටට අවශ්‍ය මුදලට විකිණෙන ක්‍රීඩකයන් නොවේ

(අංජුල මහික වීරරත්න)

මුදලට විකිණෙන ක්‍රීඩකයෙක් නොව  ආදරය-යහපත් ගතිගුණ සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටට අවශ්‍ය බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

2025 - ක්‍රීඩා ශක්ති වැඩසටහනට අනුව ජාතික කනිෂ්ඨ මට්ටමේ තරඟ වලදී ඉහල දක්ෂතා දක්වා ඇති, තෝරාගත් ක්‍රීඩාවන් 21 ක ක්‍රීඩා පුහුණුවේ නියැලෙන වයස අවුරුදු 18 සිට 20 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ක්‍රීඩා සහ තරුණ කටයුතු අමාත්‍යවරයා මේ බව කීය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 900 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් ඇත. 

එහි මූලික අදියර වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික ප්‍රමාණයකට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද  පැවැත්විණි.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසුවේ, මෙරට ක්‍රීඩාවේ පැවැත්ම රඳා පවතින්නේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුව බවයි.



අදහස් (1)

රටට අවශ්‍ය මුදලට විකිණෙන ක්‍රීඩකයන් නොවේ

ගුණරත්න Thursday, 29 May 2025 10:28 AM

මහා මොට්ට කියමන්, අන්තිමේ අන්තිම කාලේ බල්ලෙක්වත් ඇහැරලා බලන්නේ නැහැ, ලෙඩ වෙලා මුදලක් පරිත්‍යාගයක් ඉල්ලන්න ගියාම කුණු කතා අහන්න ඕන, මැරිලා ගියාම රාජ්‍ය ගෞරව දුන්නා කියල මොකක්ද මැරුණු එකාට එකෙන් ඇති පලේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 245 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 569 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site