
(සිතුම් චතුරංග)
මුලතිව් තන්නිමුරිප්පු වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක තිබූ ඉපැරණි ගල්කණු ගලවා රැගෙනයමින් සිටි හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයකු ඇතුළු පුද්ගලයන් නවදෙනකු අත්අඩංගුවටගත් බව ඔඞ්ඩුසුඩාන් පොලිසිය කියයි.
වැව් රක්ෂිතයේ පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට සූදානම් සිටින පිරිසක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකල වැටලීමකදී පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගල්කණු දෙකක් රැගෙනයමින් සිටියදී අදාල පිරිස අත්අඩංගුවටගෙන ඇතැයිද පොලිසිය පැවසීය.
සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයා පොදුජන පෙරමුණේ වවුනියාව දිස්ත‍්‍රික් සංවිධායකවරයා වන අතර ඔහු උතුරු පළාත් සභාව නියෝජනය කළ මන්ත‍්‍රීවරයකු වන බවත් ඔහුගේ නම හා සිදුකළ සේවාවන් යොදා වවුනියාව ප‍්‍රදේශයේ ඵලකයක් නිර්මාණය කිරීම සoහා රැගෙන යන බවද පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්,ලොරි රථයක් හා කුඩා දොඹකර ලොරි රථයක් අත්අඩංගුවටගත් බවත් මෝටර් රථයේ රාජ්‍ය ලාංජනය සහිතව උතුරු පළාත් සභා මන්ත‍්‍රී ලෙස පුවරුවක්ද ප‍්‍රදර්ශනය කරමින් තිබූ බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරුවන් කිසියම් ප‍්‍රදේශයක නිදන් හාරා පුරාවිද්‍යා ගල්කණු ලබාගෙන තිබේද යන්න විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවසීය.
සැකකරුවන් විසින් රැුගෙනයමින් තිබූ පෞරාණික ගල්කණුවල හස්ථී පා සලකුණූ නිරූපනය වන බවත් ඒම ගල්කණු අඩි පහත් , හයත් අතර ප‍්‍රමාණයේ ඒවා බවත් පැවසේ. අත්අඩංගුවටගත් සැකකරුවන් වවුනියාව , නොච්චියාගම , අනුරාධපුර, මහරම්භකුලම ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවේ අයගෙන් ගලක්වත් බේරගන්න බෑනේ...!
නිධන් වස්තු හා පුරාවස්තු තියෙන තැන්වල නයි ඉන්නවා කියනවා ශබ්දයක් කරගෙන එනවා කියනවා... දැන් නයිහාමි කොයි?
මැදමූලනින් එන කෝල් එකෙන් මේ අය නිදොස් කොට නිදහස්...!
අපේ හාමුදුරුවනේ, මේ මන්ත්‍රී තුමාටත් පිරිත් නූලක් බැන්දා නම් පින්...!
දැක්කද? වාහනයේ ඉස්සරහින්ම ලොකුවට ගහල තියෙන්නේ " ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි " කියලා. ඔයවගේ කෙප්ප ගහලා 69 ලක්ෂයක්ම නොවැම්බර්වරුන් රවට්ටපු කණ්ඩායමක්නේ මේ. ඉතින් තමන්ගේ පුච්චානම කොටන්න පෞරාණික ගල්කණු ගලවලා උස්සගෙන යනඑක මහ කජ්ජක්ද? මසුරන් හොයාගන්න, දැන් කාටත් අමතක අර සිංදුවේ කිරි ගහට ඇන්නා වගේ කීවේ සීගිරියට, කුරුටු ගී වලට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට, දළදා වහන්සේට වෙන්න පුළුවන් හරියැ...
සෞභාග්‍යයේ දැක්ම බේරේ... මම තමයි හරියටම කළේ.. මම තමයි රිවස් කළේ... මම තමයි ඉතිහාසයේ හොඳටම අසමත් වුණු හාදයා.. මට මුකුත්ම තේරෙන්නේ නැහැ. මම හිතන් ඉන්නේ මහදැන මුත්තා කියලා... ඒ වුණාට මම විතරයි දන්නේ මම හීනමානයෙන් පෙළෙනවා කියලා...
පළාත් සභාවෙන් ලංකාවට වූ සේවයට තවත් උදාහරණයක්... සුබපැතුම්...! සසර වසන තුරු...! නිවන් දකින තුරු...!!
සැකකරුවන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක්... මේක වැගන් ආර් එකක්නේ..!
මොන ජඩ වැඩක් කරලා හරි සල්ලි හම්බ කරන්න බලාගෙන තමයි වැඩි පිරිසක් දේශපාලනයට එන්නේ...මේවා කවදා නතර වෙයිද?
පොදු පෙරමුණේ සහ පොහොට්ටුවේ ඉන්න තරමක් හීනමානයෙන් පෙළෙන මානසික රෝගීන් කියලා මේකෙන් ඔප්පු වෙනවා. ගිලෙන බෝට්ටුව ලෑලි ගලවලා ගිනි ගොඩක් ගහගෙන මාලු පුච්චන් කන ජාතියේ පජාතයෝ නේ... මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?
හොරකමට පුරුදු පුහුණු වෙන බල්ලන් මෙසේ හොරාකන්නේ නම් හොරකමට කප්ගහපු "පට්ටියේ පට්ට හොරු 226දෙනා" කොහොම හොරා කනවා ඇද්ද...? හැබැයි කාලකන්නි 226ම සුද්ධෝදනලා... අනේ මම අවංකයි අනිත් 225 තමයි හොරු... පට්ටියේ මීහරකුන් හැම එකාම කියන්නේ ඔය බයිලාවමනේ...