(විමුක්ති එස් රුද්‍රිගු)
නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 22 ක් ණය බරින් මිරිකී ඇති බවත් වර්තමානය වනවිට මෙරට පවුල් ඒකකවලින් සියයට 54.9 ක් ණය බරින් පීඩිත වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ.
ඉන් වැඩිම ප්‍රතිශතය වූ සියයට 31 ක පවුල් සංඛ්‍යාවක් දේපළ උකස් කිරීම හේතුවෙන් ණය වී ඇති බවද එම වාර්තාවේ දැක්වේ. එසේම තවත් පවුල් එක්ක සියයට 21.9 ක් බැංකුවලට ණය වී ඇති බවත් තවත් සියයට 9.7 ක් මුදල් පොලියට ගැනීම හේතුවෙන් ණය බරින් මිරිකී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික පවුල් ඒකකවලින් සියයට 60.5 ක අදායම අඩුවී ඇති බවත් ආදායම වැඩි වී ඇත්තේ මෙරට පවුල්වලින් සියයට 3.4 කගේ පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ.
ආර්ථික අර්බුදය හමුවේ ආදායම නොවෙනස්ව ලැබී ඇත්තේ ශ්‍රී ලාංකික පවුල් සියයට 36.6 කට පමණක් බවද එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලාංකික පවුල්වලින් සියයට 91.1 ක සමස්ත සාමන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇති බවත් මාසික වියදම අඩුවී ඇත්තේ පවුල්වලින් සියයට 3.6 ක පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
මෙරට සියයට 54ක් ණය බරින් මිරිකිලා
Perera Tuesday, 20 May 2025 07:51 AM
ඔහොම වුණේ රට හූරන් කාපු හොරුන්ට පිංසිද්ද වෙන්නයි.
Saman Tuesday, 20 May 2025 08:27 AM
රනිල් මහින්ද ගොඩ දාපු රට ..හා නැද්ද!! Vimale..
යෝගා Tuesday, 20 May 2025 09:26 AM
රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය නොමිලේ කියලා කිව්වට මිනිස්සු වැඩිපුරම ණය වෙන්නේ සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් නිසා.
දිල්ශානි කොඩිතුවක්කු Tuesday, 20 May 2025 10:03 AM
ව්‍යාපාරය වැඩි දියුණු කරගැනීමට ගත්ත ණය මුදල්.ව්‍යාපාරය අඩාල වීමත් සමග ගෙවා ගත නොහැකිව ඇත්තටම අසරණ වෙනව. අපේ රටට විශේශයෙන් ම වෙලා තියෙන්නෙ මිනිසුන්ගෙ කිසිම උත්සාහයක් නොමැතිකම සහ සහනාධාර බලාපොරොත්තුව සිටීම හේතුවෙන් රටේ දියුණුව මන්දගාමි වීම කියලයි මගේ අදහස නම්
fairoos Tuesday, 20 May 2025 11:00 AM
අයියෝ ඒකට කමක් නෑ .අවුරුදු 77 ක් මාරුවෙන් මාරුවට ආණ්ඩු කරපු පවුල් හොඳින් ඉන්නවා නේද