(විමුක්ති එස් රුද්‍රිගු)
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා නිකුත් කළ "2024 ශ්‍රම බළකා සමීක්ෂණ වාර්තාව" අනාවරණය කළේය.
එම පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 71.1 බවත් ඔවුන්ට රැකියාවක් කිරීමට හෝ රැකියාවක් සෙවීමට බලාපොරොත්තුවක් නොමැති බවත් එම වාර්තාව හෙළි කළේය.
එසේම මෙරට රැකියාවක නියුතුවන වයසේ සිටින පිරිමි ලක්ෂ 26කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පැවැසුවේය.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවට අනුව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය සමස්ත ජනගහනය මිලියන 9.23 ක් වන අතර ඔවුන්ගෙන් මෙරට ශ්‍රම බළකායට කිසිම සහභාගීත්වයක් නොලැබේ.
2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය මිලියන 8.89 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනය 334,001 කින් ඉහළ ගොස් ඇත. එසේම 2023 වසරේදී මිලියන 6.37 ක කාන්තාවන් පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයට අයත්ව සිටි අතර පසුගිය වසරේදී එය 185,398 කින් මිලියන 6.56 දක්වා ඉහළ ගොස් තිබිණ. 2023 වසරේදී මෙරට ආර්ථික වශයෙන් අක්‍රීය ජනගහනයෙන් මිලියන 2.52 ක් පිරිමි පුද්ගලයන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය වසරේදී ආර්ථික වශයෙන් අක්‍රීය පිරිමි පුද්ගලයන් සංඛ්‍යාව 148,602 කින් ඉහළ ගොස් ඇත.
කොටහේන දැරියගේ මරණය සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියද වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සෞදි සංචාරය අවසන් කිරීමෙන් පසු, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතය. මෙම සංචාරයේ දී ඇමෙරිකන් ජනාධිපතිවරයාට කටාර්
සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැ
ලොව දිළිඳුතම ජනාධිපති යන නාමයෙන් ලොව පුරා ප්‍රසිද්ධියට පත්, ලතින් ඇමෙරිකාවට අයත් බොලිවියා රාජ්‍යයේ හිටපු ජනාධිපති හෝසේ මුජිකා දිවියෙන් සමුගත්තේය. ඔහ
නුවරඑලියේ සිට මඩකලපුව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් රෝදයක් ගැලවී අනතුරට පත් වීමෙන් එම බස් රථයේ ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික
දෙමටගොඩ ගුවන් පාලම ප්‍රදේශයේදී පිරිසක් විසින් පොලු වලින් පහරදී බරපතල තුවාල ලබා සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමේදී මියගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
සාලිය Tuesday, 13 May 2025 11:08 PM
එයාලා ටික්ටොක් කරනවා, බයික් පදිනවා වේගෙන්, තව තියනවා හපන්කම්.
කව්ද බෝයි Tuesday, 13 May 2025 11:30 PM
මේවා කියවලා මගෙ ඔළුවත් කකියනවා. අක්‍රීය ලක්ෂ 65 තරුණයෝද, තරුණියෝද, ඒ දෙකටම නැති කට්ටියද?
Neela Tuesday, 13 May 2025 11:32 PM
ආර්ථික වශයෙන් අක්‍රිය තරුණ ජනතාව තමා නිකං කන්න මාලිමාවට ඡන්දය දුන්නේ.
Lal Wednesday, 14 May 2025 12:14 AM
ඔය මිලියන 9.23 ම ජෙප්පෝ .... කාලකන්නි
Ajith Wednesday, 14 May 2025 01:26 AM
වෙන රටවල ලමයි අවුරුදු 18ක් වෙද්දි ගෙදරින් යනව. ඒ නිසා ඒ අයට ජීවත් වීමට අනිවාර්යෙන් රැකියාවක් කල යුතුයි. ලංකාවෙ සමහර අය මැරෙනකන් දෙමව්පියන්ගෙන් කකා බිබී ඉන්නව. රටේ දියුනුවට මෙය වෙනස් කල යුතුයි.
Hafiz Wednesday, 14 May 2025 03:11 AM
හන්දි පාලුවොන්ට, බෝක්කු පාළුවොන්ට, බිලිංල එන්සිනාල දයාවතීලට තව අස්වැසුම දෙමු..
daranagama Wednesday, 14 May 2025 05:25 AM
මේ තරම් දුරට මෙම දෙපාර්තමේන්තුව නිගමනයකට එළඹෙන්නේ කෙසේද? ඔවුන් සරල සමීක්ෂණයක්වත් පවත්වා නැත. අපට ලබා දී ඇති පෝරම තවමත් එකතු කර නොමැත.
සිල්වා Wednesday, 14 May 2025 07:39 AM
මෙම වාර්තාවේ කරුණුවලට අනුව රට ආර්ථික අර්බුදයකට ලක්ව තිබීම පුදුමයක් නොවේ. මෙම වාර්තාවේ ඉතිරි කොටස හැටියට මෙම තත්වයට හේතුව නොපමාව සොයා විසදිය යුතුය.
අජිත් Wednesday, 14 May 2025 07:49 AM
තව තවත් අපේ බදු සල්ලිවලින් "අස්වැසුම " දීපල්ලා... සහනාධාර දීපල්ලා..ඒ බරත් බදු ගෙවන අපිටම පටවපල්ලා...
පොඩිඑකා Wednesday, 14 May 2025 08:26 AM
අපේ හොදම තරැණ ශ්‍රමය යන්නෙ ත්‍රීවීල් එලවන්න, පික්මී ෆූඩ් සහ උබර් ඊට්ස් වලට. ඉතිං රටක් හැදෙයිද?
අනා Wednesday, 14 May 2025 08:59 AM
ඔය දෙපාර්තුමේන්තු ඔය සංඛ්‍යාෙල්ඛන ගන්නේ 18 වැඩි අයගෙන්. අවු. 18 අයගෙන් වැඩි හරියක් පාසල්වල 12 - 13 පංතිවල ඉගෙන ගන්නවා. අවු 20 විතර වෙනකම් දෙවන වර උසස්පෙළ ලියනවා. විශ්ව විද්‍යාල ප්‍රෙව්ශය එනකම් ඉන්නවා. කාන්තාවෝ රැකියාවක නියුතු නොවුනාට රැකියා කරන පිරිමින්ට සවියක් වෙමින් ගෙදර දොර වැඩ කරනවා. මේවා නොසලකන නිකම්ම නිකං දත්ත වලින් රටකට වැඩක් තියෙනවා ද
Lalla Wednesday, 14 May 2025 08:59 AM
තවත් අස්වැසුම සමෘද්ධිය වැඩිපුර දෙන්න. ඒ අපරාධය සිදුකර ඉන්පසුව ප්‍රතිඵලය ගැන දුක්වෙලා පලක් නෑ. හම්බ කරන අයට බදුගහල නිකමුන්ට සහනාධාර දීම නවත්තන්න.
nihal rupasingha Wednesday, 14 May 2025 09:48 AM
නිකන් ඉන්න උන්ට රජයෙන් පිනට කන්න දීමේ ප්‍රතිපල
don Wednesday, 14 May 2025 10:03 AM
දැන් මේ නව යුගයේ කොල්ලෝ කැල්ලෝ ඔක්කොම මෙලෝ හැකියාවක් නැති උනත් පොඩි රස්සාවක් කරන්න කැමති නෑ. ඔක්කොම කැමතියි ෆෝන් ඔබා ඔබා ජොලියේ ඉන්න. පොල් කඩන්න , ගොවිතැන් කරන්න, කූලී වැඩ කරන්න, ගෙවල් වල වැඩ කරන්න, මාලු අල්ලන්න වගේ දේවල් කරලා කීයක්හරි හොයන්න කැමති නෑ. ඔක්කොම හදන්නේ ෆෑන් එකක් දාගෙන සැප පුටුවකට වෙලා ෆෝන් ඔබ ඔබා ඉන්න. ඒ වෙලාවේ පොල් කැඩුවා නම් කීයක් හොයන්න පුළුවන්ද...