
(උපාලි ආනන්ද)
මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් දැනට මීගමුව මුලස්ථාන පොලිසිය මගින් සිදු කරන සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනී පෙරේරා මහත්මිය මීගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක තිළිණ දම්සිත් හෙට්ටිආරච්චි මහාතාට නියෝග කළාය.
ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාගේ උපදෙස් මත වැඩිදුර වාර්තාවක් මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
ඒ අනුව අදාල වැඩිදුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් මීගමුව මූලස්ථාන පොලිසිය විසින් සිදු කරනු ලබන සියලු විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මින් ඉදිරියට සිදු කරන ලෙසටත් එකී විමර්ශන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය ප්‍රකාරව අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගන්නා ලෙසටත් පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසුරිය මහතා නියෝග ලබාදී ඇති බවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මීගමුව බන්ධනාගාර ගැටුමට අදාල සියලු විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරන ලෙසට මෙසේ නියෝග කලාය.
ඒ අනුව, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ සෘජු නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මීගමුව බන්ධනාගාරය සම්බන්ධයෙන් වන සියලු විමර්ශන මින් ඉදිරියට සිදු කරනු ඇත.
මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 8 දෙනකු මියගොස් බන්ධනාගාර රැඳවියන් 20 මියයෑමේ සහ තවත් බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් සියයට අධික පිරිසක් බරපතල සහ සුළු තුවාල ලැබීමේ සහ බන්ධනාගාර දේපල වලට රුපියල් කෝටි 12 කට අධික අනර්ථයක් සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් මීගමුව මුලස්ථාන පොලිසිය සිදු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd