
(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
මීගමුව බන්ධනාගාරය තුළ යළි නොසන්සුන් කාරී තත්වයක් ඇතිව තිබෙන බව බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
කලබලකාරී තත්වය හමුවේ රැඳවියන්ගේ ප්රහාරයට ලක්ව තුවාල ලැබූ බවට සැකකරන බන්ධනාගාර නිලධාරීන් හය දෙනකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බව දැනට ලැබුණු පොලිස් ආරංචි මාර්ග කියයි. තුවාල ලැබී තවත් කීපදෙනකු සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාරය තුළ ඊයේ ඇතිවූ ගැටුමින් රැඳවියන් දෙදෙනකු මියගොස් තවත් 33ක් තුවාල ලැබීය.
ඊයේ ඇති වූ තත්ත්වය අද උදෑසන වනවිට පාලනය කළ ද යළි නොසන්සුන් තත්ත්වය නිර්මාණය වී ඇත.
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුව තිබේ.
රිමාන්ඩ් බාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දනිස්සෙන් පහලට බර්ස්ට් දාන්න