IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


මැත්පැන් සමාගමට කෝටි 135ක බදු ගෙවන්න වෙයි

(රෝෂන් තුෂාර)

නොගෙවා පැහැර හැරියේ යැයි කියන රුපියල් කෝටි 135 බදු මුදල මාසයක් ඇතුළත ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමට අද (10) නියෝග කළාය .

2012 - 2015 අතර කාලය තුළදී රජයට ගෙවිය යුතු ආදායම් බදු , වැට් බදු හා දේශය ගොඩනැගීමේ බදු රුපියල් 1358773144.00ක් නොගෙවා පැහැර හැරීයේ යැයි පවසමින් කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් සමාගමට එරෙහිව දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් පවරා තිබූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කඩුවෙල ,කරතොට රන්දෙනිගල ඩිස්ටිලරීස් සමාගමේ අධ්‍යක්ෂ පියුමි විජේවික්‍රම මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

සරත් කුමාර විජේවික්‍රම,බුද්ධිකා විජේවික්‍රම හා තවත් අධ්‍යක්ෂවරියක වග උත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුව පසුගිය වසරේ ගොනුකරන ලද අතර පැමිණිල්ල විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංඟසිංහ මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් තීන්දු කර ඇත්තේ වග උත්තරකාර සමාගම මෙම හිඟ බදු මුදල් රජයට ගෙවිය යුතු බවය.

 

 



අදහස් (3)

මැත්පැන් සමාගමට කෝටි 135ක බදු ගෙවන්න වෙයි

රම්බොඩ Wednesday, 28 May 2025 05:57 PM

ඒ බදු ගෙවන්න ඒක විකුණන්න වෙයි...

:       12       9

නාසි ගුරෑන්Wednesday, 28 May 2025 07:22 PM

දුකයිද? විකුණන තත්වයට එන්න කලින් නියමිතව බදු ගෙවලා ඒ කාලේ හිටපු ලොක්කන්ගේ ගෑනුන්ට ළමයින්ට සෝබන කරන්න දුන්නා නම් අද ඔය තත්වේ නෑ රබ්බොඩ...

:       0       1

අරවින්ද මොණරවිල Wednesday, 28 May 2025 06:16 PM

තියෙන දෙයක්හරි විකුණාලා බදු ගෙවපල්ලා දැන්, එක එකාට පගා දීලා, කප්පම් දිලා පහුගිය කාලයේ කට්ටි පැන්නාට දැන් කරන්න දෙයක් නැහැ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 96 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 245 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 569 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site