(අංජුල මහික වීරරත්න)
රත්නපුරය මැණික් ව්‍යාපාරිකයින්ගේ "මිණි ධන පදනම" මැණික් ලක්ෂයක් එබ්බ වූ රුපියල් කෝටි සියයක් පමණ වටිනා මැණික් පුටුවක් බුදු සසුනට පූජා කිරීමට තීරණය කර තිබේ.
මෙම මැණික් පුටුව නාගදීප පුරාණ රජමහා විහාරස්ථානයට පූජා කෙරෙනු ඇත.
චුලෝදර- මහෝදර නා රජුන් මැණික් පුටුවක් මුල් කර ගනිමින් ඇති කරගත් ගැටුම බුදුන් වහන්සේ විසින් සංසිඳවීම සිහිපත් කරමින් නාගදීප රජමහා විහාරස්ථානයට මැණික් පුටුව පූජා කිරීමට "මිණි ධන පදනම අපේක්ෂා කරයි.
මෙම මැණික් පුටුව පූජා කිරීමේ පුණ්‍යෝත්සවය ආරම්භ කරමින් මැණික් පුටුව රැගත් රථ පෙරහර හෙට (3) රත්නපුර ඔරලෝසු කණුව අසලින් පෙරවරු 8.00ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
එදින හවස කැලණිය රජ මහා විහාරයට වැඩම කරවන මැණික් පුටුව පසුදා (4) උදෑසන වනතුරු කැලණි රජමහා විහාරයේ වන්දනාමානයට තැන්පත් කෙරෙයි.
පසු දින (4) උදෑසන මැණික් පුටුව දඹුල්ල රජමහා විහාරයටත්, 5 වැනි දා සවස රුවන්වැලි මහා සෑයටත් වැඩම කෙරේ. අනතුරුව 6 වැනිදා යාපනය නාග විහාරයට සහ 7 වැනිදා මුහුදු මාර්ගයෙන් නාගදීප පුරාණ රජමහා විහාරයට මැණික් පුටුව වැඩම කරවන බව නාගදීප රජමහා විහාරාධිපති නවදගල පදුමකිත්ති තිස්ස නාහිමියෝ පැවසූහ.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
මැණික් ව්‍යාපාරිකයෝ මැණික් පුටුවක් සසුනට පුදති
පොඩිඑකා Monday, 02 June 2025 06:39 PM
මේකනං බුදුහාමුදුරුවෝවත් අනුමත කරන්නේ නැති මරි මෝඩ වැඩක්, අනික ඒක කැලණි රජමහා විහාරෙ වන්දනා කරන්න තියෙනවලු, පුටුවලට වදින්නේ මොන මෝඩයෝද? බුදු දහමටත් නිගාවක්. ඒ කෝටි සීය අහිංසක දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදාගන්න දුන්නා නම් කොච්චර වටිනවාද?
JayasekaraTuesday, 03 June 2025 09:23 AM
එහෙම කියන්න එපා… “අග්‍ර දෙයහි අගර විපාක ලැබේ” කියලා තමයි උන්වහන්සේ දේශනා කරේ. බුදුරජාණන්වහන්සේගේ දාන පාරමිතා බලය තවම සක්වළ පුරා පවතිනවා . ඒක උන්වහන්සේ පිරිනිවන් පෑවත් එහි විපාකය උන්වහන්සේට ලැබෙනවා . හැම ගෙදරකම මල් පහන් ගිලන් පසින් බුද්ධ පූජාවන් පවත්වන්නෙත් ඒ අනුහස් බලයෙන්. ඒ පූජාවන්ට ගරහන්න එපා
ගුණරත්නTuesday, 03 June 2025 10:18 AM
බුදුන්වහන්සේගේ කාලයේ ජේතවනාරාමය මිලදී ගත්තේ රත්රන් කාසි බිම අතුරලා!
පොඩිඑකාTuesday, 03 June 2025 12:17 PM
හැම දේම අගුණ දකින අගුණරතන, ජේතවනාරාමෙ පූජාකලේ බුදුන් ඇතුළු මහ සග රුවනට වැඩ සිටින්න. මේ වගේ හිස් වැඩකට නෙවෙයි. අනික මේ පුටුවට වන්දනා කරනවලු. මොන මෝඩ වැඩක්ද පුටු වැදිල්ල? ගොඩක් දහම් පාසල් වල ළමයි පුටු නැති නිසා ඉගෙනගන්නෙ බිම ඉදගෙන. කොළඹත් එහෙම දහම් පාසල් තියෙනවා. අඩුගානෙ ඒ වගේ වැඩකට ඇති වැඩක් කලානම් කොච්චර හොදද? ඔයාට ඉතිං ඕව තේරෙන්නෙ නෑ.
KumaraTuesday, 03 June 2025 11:27 AM
ඩෙංගු රෝගය බහුලව පවතින නගරය පිරිසිදු කිරීමට මේ මුදල් වියදම් කළා නම් ගොඩක් හොඳයි. මෝඩ වැඩක්!!!
ලුන්ට හොදටම මූස් Monday, 02 June 2025 06:47 PM
පුටුව වැඩම කරවනවලු, අනික කැලණි විහාරෙ තියනවලු පුටුවට වන්දනා කරන්න, එතකොට වදින්න ඕන “පුටුවං සරණං ගච්ඡාමි” කියලද? කැලණි නයා දෙවන කොටස!
පැටියා Monday, 02 June 2025 06:51 PM
පුටුවට වදින ගාථාවක් ප්‍රසිද්ධ කළානම් පාඩං කරගෙනම වන්දනා කරන්න යන්න තිබුණා!
JayasekaraTuesday, 03 June 2025 09:26 AM
නොදැනුවත්ව පව් පුරෝගන්න එපා... එදා ඔය මැණික් පුටුව උන්වහන්සේට පූජා කළා පාරිභෝගික වස්තුවක් වගේ... බුදුරජාණන්වහන්සේගේ දාන පාරමිතා බලයට තාමත් පූජා කරන පූජා වස්තුන්ට ගරහන්න එපා.
ප්‍රියන්ත Monday, 02 June 2025 07:05 PM
දෙයියන්ගේ මල්ලි සුදු වෙනවා වගේ….!
Chaminda Tuesday, 03 June 2025 10:48 AM
මගේ මතකය් නිවැරදියි නම් මීට අවුරුදු දහයත් විස්සත් අතර කාලයේත් ඔහොමම එකක් කලාද කියල හිතෙනවා. කොහොම වුනත් පොඩිඑකා නිවැරදියි. මැණික් වලින් විශාල වශයෙන් විනිමයක් ලැබෙනවා තමයි. ඒත් ඉතින් සිදුවන පරිසර හානිය දේපල විනාශයත් ඇල දොල හා ජල උල්පත් සිදීයාමත් හා මහා මාර්ග හා අතුරු මාර්ග විනාශයත් බැලුවනම් මෙයට වියදම් කල මුදලින් විනාශවූ පරිසරය හා ජනතා සම්පත් ප්‍රතිසංස්කරණය කලානම් වඩාත්ම හොදයි
පොඩිඑකාTuesday, 03 June 2025 12:09 PM
චමින්ද, ඔයාගෙ මතකය හරි. කලකට පෙර මොරටුවෙ වඩු කාර්මිකයෙක් ‘මැණික්’ ඔබ්බපු ලී පුටුවක් එහේ යැව්වා. ඒත් මෙච්චර වියදම් කරල නෙවෙයි.
රුවන් Tuesday, 03 June 2025 11:54 AM
බෞද්ධ දර්ශනය පිළිපදින උගත් බුද්ධිමත් පුද්ගලයෝ නම් මේ මුදල පිළිකා රෝහලට පරිත්‍යාග කරලා මහා ආනිසංස ලැබෙන අපා දුකෙන් මිදි මේ සසර ගමන කෙටි කරගන්නවා. එදා ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වුවද අසරණ මිනිසුන්ට ජිවිත වුවත් පරිත්‍යාග කරා මිස මේ වගේ රත්තරන් පුටු මැණික් පුටු වන්දනා කරා කියලා අහලා නෑ.