IMG-LOGO

2025 මැයි මස 24 වන සෙනසුරාදා


මාතලේ සජබ සංවිධායක තුනක් ඉල්ලා අස්වෙති

(කාංචනකුමාර ආරියදාස)

සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනකු  ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව රත්තොට සජබ ආසන සංවිධායක හිටපු රාජ්‍ය අමාත්‍යය රජිත් අළුවිහාරේ මහතා පවසයි.

ඒ අනුව මාතලේ ප්‍රධාන සංවිධායක වසන්ත අලුවිහාරේ දඹුල්ල ප්‍රධාන සංවිධායක චම්පික විජේරත්න, රත්තොට ආසන සංවිධායකවරයා වන රජිත් අළුවිහාරේ යන තිදෙනා  සමඟි ජන බලවේගයේ ආසන සංවිධායකධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිත බව ඒ මහතා සඳහන් කළේය.

දිගින් දිගටම පක්ෂය මගින් සිදු කරන ලද විවිධ කෙනෙහිලි කම් නිසා මෙම තීරණය ගත් බවත් තවත් බොහෝ පිරිසක් මේ ආකාරයෙන් තම ආසන සංවිධායක ධූරවලින්  ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමට නියමිතව තිබෙන බව ද රජිත් අළුවිහාරේ මහතා සඳහන් කළේය.

 



අදහස් (8)

මාතලේ සජබ සංවිධායක තුනක් ඉල්ලා අස්වෙති

ටයරසෑපුත්‍ර Saturday, 24 May 2025 09:19 AM

සජිත් ඇවිල්ලා ජපන් භාෂාව දාලා ඕක නවත්තනවා. නවත්තලා සජබ කොහොමහරි හැමදාම විපක්ෂයේ තියාගන්නවා.

:       2       11

රනේ Saturday, 24 May 2025 09:53 AM

සමගිය බලය වේ!

:       1       5

sathyapala Saturday, 24 May 2025 09:58 AM

චම්පික විජේරත්න කියන්නේ හොඳ සුන්දර මනුස්සයෙක්...

:       1       3

විජයවර්ධන Saturday, 24 May 2025 12:04 PM

ඔව් ඔබ හරි ලීක්‍ වීඩියෝ පටයකුත්‍ ඵළියට ආවේ. කියලා වැඩක්‍ නැහැ. තාත්‍තලා පූතාලා අවුරුදු 40 වීතර පාලිමේන්‍තුවේ හිටියා... කරලා තියෙන හරිය පේනවා ටවුමට ගියාම. මොවුන්‍ ඔක්‍කොම හොරු...

:       0       1

Bimal Rathnayake Saturday, 24 May 2025 10:25 AM

ගිලෙන නැවෙන් මීයො පනිති...!

:       2       9

ලයන් Saturday, 24 May 2025 11:51 AM

කවිරත්න කෙල්ල මොනවාද කියන්නේ කියලා බලමු...

:       0       3

බටලන්දේ ප්‍රේමලතා Saturday, 24 May 2025 01:14 PM

තාත්තාගේ එකවුන්ට් එකේ ඒවා JVP එකට දාලා පාර්ලිමේන්තුවේ මරලතෝනි දෙයි...

:       0       1

ජයනාත් Saturday, 24 May 2025 12:30 PM

ඊළඟට ජනාධිපති වෙන්න ඉන්නේ සජිත් ලු නේද..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 58 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 476 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 247 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site