
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
වනාතවිල්ලුව මොරපතාව ගම්මානයේ අක්කර 5 ක භුමියක රුපියල් ලක්ෂ 12 ක් වියදම් කරමින් වගාකළ මාළු මිරිස් වගාවෙන් රුපියල් 12 ක් වත් ආදායමක් ලබා ගැනිමට නොහැකි බව මහා පරිමාණ වගාකරුවකු වන ඩි.අජිත් අප්පුහාමි මහතා පවසයි.
අජිත් අප්පුහාමි මහතා පවසන්නේ ඉතාමත් සරුසාර පෙළවක් වන වනාතවිල්ලුව මොරපතාව ගම්මානයේ මෙවර අක්කර 5 ක මාළු මිරිස් වගා කළ බවයි.
කාබනික පොහොර යොදා බිම් සැකසිම සිදු උවත් මාළු මිරිස් ගස් වර්ධනයට රසායනික පොහොර නොමැති විමත් මාළු මිරිස් ගස් වගාවට කුඩිත්තන්ගේ හානි හේතුවෙන් කොරිඩෑ විම සිදුවු බවත් ඒ සදහා කෘමිනාශක සොයා ගැනිමට නොහැකි විමත් සමග වගාව සම්පුර්ණයෙන් වි ඇති බව වගාකරු පවසයි.
මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු අජිත් අප්පුහාමි මහතා .
“ඇත්තටම මම වගා කරන්නේ කල්පිටියේ නමුත් මේ වනාතවිල්ලුවෙ මිළදි ගත්ත ඉඩමේ මාළු මිරිස් දැම්මේ සාරවත් පසක් නිසා , මේ වගාවට මේ වෙද්දි කුඩිත්තන්ගෙන් හානි වෙලා ගස් කොරිඩෑ වෙලා මේ සදහා යෙදිය යුතු කෘමිනාශක නොමැති විම නිසා අක්කර පහක මාළු මිරිස් වගාව සම්පුර්ණයෙන් විනාශ වෙලා.
වගාව මේ මට්ටමට ගෙන එන්න විතරක් රුපියල් ලක්ෂ 12 කට වැඩිය ගියා.
වල් අලින්ගෙන් වගාවන් ආරක්ෂා කරගන්න ඉඩම වටේ අලි අගල් අරින්න තවත් ලක්ෂ 5 ක් විතර වියදම් වුනා සේරම ගනන් බලපුහාම ලක්ෂ 17 ක් විතර වගාවට වියදම් කරලා මගේ මහන්සිය නැතුව. මෙච්චර වියදම් කරලාත් වගාවෙන් රුපියල් 12 ක් ගන්න බැරි තත්වයක් තිබෙන්නේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ට කියන්න, මල්ලිගෙන් ඉල්ලලා පැඩුවට වන්දි ගෙවයි.
මේ රජය තව වසර 3ක් පැවතුණොත් ලංකාවෙන් කෘෂිකර්මය චුතවෙයි...
හමුදා භටයින්ට නියෝග දෙන විදියට ගොවීන්ට නියෝග දුන්නාට වැඩක් නැති බව නැවතත් පෙනීගොස් ඇත...
සර් ෆේල්...!
මාළු මිරිස් වගාවෙන් ගොවියා පමණක් නොව රටම කබළෙන් ලිපට...!