IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය  ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව  සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

කවුරු හරි වෙන වෙන දේවල් කිරීමට හීන මවනවනම් ඒවාට ඉඩ නැති බව පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරු සල්ලි වලට ගන්න හදනවා නම් ඔක්කොම අල්ලා හිරේ දමන බවද  සඳහන් කළේය.

රාජපක්ෂවරු  වික්‍රමසිංහවරු සල්ලි ටොන් ගණන් බෙදල මන්ත්‍රීවරු බිලිබා  ගත් හැටි හොදින්  දන්නා බවත්  එය බොරුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

රත්නායක මහතා මෙසේ පැවසුවේ රේගු ආඥා පනතේ යෝජනා සම්මතය පිළිබඳ විවාදයේදීය.

ජාතික ජන බලවේගය දිනාගෙන ඇති මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9927ක් බවද අමාත්‍යවරයා පැවසීය.



අදහස් (6)

මන්ත්‍රීන් බිලිබාන සෙට් එක අල්ලා හිරේ දමනවා

kasun Friday, 09 May 2025 04:44 PM

ඔයාලගේ ඔය උද්දච්ච, අසික්කිත කටවල් නිසා තමයි මේ සැරේ ඔය ගාණට කෙළවාගත්තේ. අපිට ඕනෑ වුණේ තවත් මර්වින් සිල්වාලා මහින්දානන්දලා සෙට් එකක් නෙවෙයි බිමලෝ. ඔයා දැන් නඩුකාරයෙක්ද? ඕනැ ඕනැ අයව හිරේ දාන්න... බූරු කතා කියන්න එපා...

:       2       97

පිටිගල මිලානෝ Friday, 09 May 2025 04:49 PM

හා…හා.. කයිය ඇති පුළුවන් නම් කරලා පෙන්නන්න. මිනිස්සු ඊයේ පෙරේදා දුන්නු ටොක්ක අමතක කරන්න එපා. කෝ අර ෆයිල්...? ඒවා ඉස්සෙල්ලා ඉවර කරන්න කියලයි මිනිස්සු කණට ගැහුවේ… අපි මාලිමාවට අනුරට කැමැති වුණත් මාලිමා බයියෝ නොවෙයි.

:       46       36

NPP Friday, 09 May 2025 05:03 PM

පළමුව කජු සීයා, දෙවනුව පුතානේ....

:       29       12

Rama Friday, 09 May 2025 05:03 PM

ඒ ගොල්ලන් සල්ලි වලින් බිලී බානවා. ඔයගොල්ලන් 1987 නේද අර කිව්වේ පළාත් සභා ඡන්දෙට ගිහින් ඡන්දය ප්‍රකාශ කරන පළවෙනි මනුස්සයාව මරනවා කියලා. ඒ කාලේ මැරුවත් නේද සමහර අපේක්ෂකයින් හා පවුල්වල අයත් ඒ වගේම ඡන්ද දායකයින්වත්.... මෙයාලා සල්ලිවලින් බලේ ගත්තා... ඔයාලා තුවක්කුවෙන් බෝම්බයෙන් බලේ ගන්න ගියා. ඔක්කොම එකයි. මේ පාරත් එයාලා සල්ලි වලිනුයි ඔයාලා තග දාලයි බලේ ගන්න යන්නේ...

:       3       25

වත්සි Friday, 09 May 2025 06:34 PM

අපට නම් ආරංචි ඕකේ අනික් පැත්ත. කයිවාරු කාරයෝ ටික තමයි කලින් හොරු විදිහට හංවඩු ගහපු අයව මිල දී අරගෙන සභා පිහිටුවලා තමන්ට ජනතාව ඇන්න ටොක්කේ අමාරුව හොඳ කර ගන්න හදන්නේ... මාලිමාවට අත් වූ මේ කණගාටුදායක ඉරණමට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයකු වන්නේත් බිමල් රත්නායක. කොට්ටහච්චි, හේවගේ, වසන්ත සමරසිංහ, රංවල, නලින්ද ජයතිස්ස සහ ලක්මාලි හේවගේ එළිපිටත්, ටිල්වින් සිල්වා තිරෙන් පිටුපස සිටත් සෑහෙන වැඩ කොටසක් කළ බව ජනාධිපතිතුමා තේරුම් ගත්තොත් මාලිමාණ්ඩුවට හොඳයි.

:       1       34

SIRI Friday, 09 May 2025 08:11 PM

"කතාව දෝලාවෙන් ගමන දනිස් දෙකෙන්". ක්‍රියාත්මක කරන්න බැරි ඔය වගේ කතා හින්දා තමයි මේ නස්පැත්තිය උදා වුනේ. නඩුවක් වැටිලා රිමාන්ඩ් වුණා විතරයි "පොලිස්පති කෙනෙක් හිරේ යනවා කවද්ද දැක්කේ, ඇමැති තුන් හතර දෙනෙක් හිරේ, තව දෙතුන් දෙනෙක් ළඟදීම හිරේ යනවා. හොරු නැති මහ ආණ්ඩුවක් ඇතිකරා... දැන් තියෙන්නේ ගමටත් හොරු නැති පාලනයක් ගෙන එන එකයි " වගේ තමන්ගේ බාලයෝ සතුටු කරන්න කියපු පම්පෝරි කතා තමයි පාරාවළල්ලක් වෙලා ආපහු කැරකිලා ඇවිත් පස්ස පැත්තේ පතබෑ වුනේ. දැන්වත් දුන්න පොරොන්දු ඉටු කරන්න බැලුවොත් නරකද? රට කරවන එක කයිය ගහන එක තරම්ම ලේසි දෙයක් නොවේ නේද සහෝදරයා...?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ගමේ පාසල් දෙකක් ජනපති කාර්යාලයට
2025 මැයි මස 09 361 0

අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග


තරුණ තරුණියෝ දාහක් වාරියපොළට රොක් වෙති
2025 මැයි මස 09 295 0

ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ


කොළඹ පුරපති පුටුවට ලොක්කෙකුගෙන් කැපිල්ලක්
2025 මැයි මස 09 2681 2

කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප


චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 2524 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 1155 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 3206 2

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 111 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1312 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 335 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site