
(නිමල් ජයරත්න)
මේ දිනවල පවතින ඉන්ධන හිඟය නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයේ බොහෝ ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු වාහන පෝලිම් දැකගත හැකිය.
පොලොන්නරුව අරලගංවිල, සෙවනපිටිය, වැලිකන්ද, සිරිපුර, ඇතුළු නගරවල ඉන්ධන නොමැති වීමත් සමග මනම්පිටිය ඉන්ධන පිරවුම් හල වෙත අද (2) සවස ඉන්ධන බවුසරයක් එන ආරංචියි සැලවීමත් සමග වාහන රියදුරන් මෙන්ම, පළාතේ ගොයම් නෙළන යන්ත්‍ර සූත්‍රවල හිමිකරුවන් තමන්ට ඉන්ධන ලබා ගැනීමේ වාරය එනතෙක් හිස් බූලි, මාර්ගය අයිනේ තබාගෙන සිටි අයුරු දැකගත හැකිවිය.
මොවුන් අතරින් රියදුරන් කිහිප දෙනෙකු දින තුනක් තිස්සේ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි බවද ඔවුහු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර පහුගිය කාලේ මහපාරේ රතිඥ්ඥා පත්තු කරමින් කිරිබත් කමින් උඩ පනිද්දී මම නම් ලිව්වා උඩ පනින ප්‍රමාණයටම ඉක්මනින් බිමට පාත් වෙයි කියලා. දැන් ඒක ඒ විදිහටම වෙලා තියනවා. ඉතින් ඒ ගැන සතුටු වෙනවා හැර මේ අය දිහා බලලා දුක් වෙන්නේ මොකටද? නියමයි! තව රජවරුන්ට වැඳගෙන වන්දිභට්ටකම් කරපල්ලා. එතකොට ඔයිට වැඩිය දේවල් තව ලැබෙයි...